Home » ජන්ම පත්‍රයේ 6වැනි භාවය හෙළි කරන කතාව

ජන්ම පත්‍රයේ 6වැනි භාවය හෙළි කරන කතාව

by Mahesh Lakehouse
January 20, 2024 12:30 am 0 comment

කේන්දරේ 1වැනි භාවය එහි 6වැන්නට සම්බන්ධ වන විට කේන්දර හිමියා රෝගවලට ගොදුරු වෙයි

ජන්ම පත්‍රයක 6 වැනි භාවය මඟින් පහත සඳහන් කරුණු ගැන පෙන්වයි. මෙය සතුරු ස්ථානයයි. සතුරන් ගැන කියයි. ජන්ම පත්‍රයේ 1වැනි භාවය එහි 6 වැනි භාවයට සම්බන්ධ වන විට ජන්මියා ප්‍රධාන ලෙස රෝග නමැති සතුරාට ගොදුරු වෙයි. ජන්ම පත්‍රයක 6 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 1 වැනි භාවයට සම්බන්‍ධ වන්නේනම්, රෝගාබාධ කෙරෙහි දුර්වල ප්‍රතික්‍රියා පෙන්වයි එහෙත් සේවකාදීන්ට යහපත් වෙයි. උත්සාහ සාර්ථක වෙයි.

ජන්ම පත්‍රයක 6 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 2 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් මුදල් තත්ත්වය යහපත් වෙයි. පහසුවෙන් ණය මුදල් ලබාගත හැකි වෙයි.

6 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 3 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් නියෝජිත තනතුරු සහ කොන්ත්‍රාත් කටයුතු ආදිය මඟින් ආදායම ලබයි. ලිපි කටයුතු මඟින් සහ කෙටි ගමන්වලින් සාර්ථක වෙයි. 6 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 4 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් අධ්‍යපන කටයුතුවල සහ ඉඩම් හෝ දේපළ කටයුතු මඟින් සාර්ථකත්වය ඇති වෙයි

6 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 5 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් රෝගාබාධවලින් සුවය ලබයි. විශ්‍රාමගත වෙයි. 6 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 6 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් රෝගාබාධ උග්‍ර වෙයි. මුදල් තත්ත්වය වර්ධනය වෙයි. 6 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 7 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් සහකරුවන් මඟින් යහපත් සම්බන්ධතා පවත්වයි. ණය මුදල් ගෙවයි. 6 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 8 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් නඩුහබවලින් පරාජය, රෝගාබාධ හේතුකොටගෙන මාරක ආදිය ඇති වෙයි.

6 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 9 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් දිගු ගමන්වල යෙදේ. ආගමික කටයුතුවල යොමු වෙයි. සුහදතාවයෙන් ආරවුල් සමථයකට පත්කර ගනියි. 6 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 10 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් රැකියාවට ආදරය කරයි. රැකියාවෙන් උසස් වෙයි. සුහදව කටයුතු කරයි.

6 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 11 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ඉතා පහසුවෙන් බලාපොරාත්තු ඉටුකර ගත හැකි වෙයි. සියලු දේවල් මඟින් ජය ලබයි. පහසුවෙන් ආදායම් ලබයි. 6 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 12 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් අනවශ්‍ය වියදම් යෙදෙයි. සේවකයන්ගෙන් කරදර ආදිය ඇති වෙයි. රෝගාබාධ සඳහා මුදල් වැය වෙයි.

මෙම ජන්ම පත්‍රය හිමි තැනැත්තා ක්‍රිස්තු වර්ෂ 1993 අප්‍රේල් මාසයේ 07 වැනි බුධ දින පස්වරු 02.10 ට ජන්ම ලාභය ලබා ඇත. අප මෙම ජන්ම පත්‍රයේ 6 වැනි භාවය පරීක්‍ෂා කරමු.

මෙම ජන්ම පත්‍රයේ 6 වැනි භාව ස්ඵුටය ධනු රාශියේ 220 53’32“ හි යෙදී ඇත. මෙම භාව ස්ඵුටය ගුරු ග්‍රහයා හිමි ධනු රාශියේ සිකුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ ශනි ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත. ඒ අනුව මෙම ජන්ම පත්‍රයේ 6 වැනි භාවය ධනු රාශියේ 220 53’32” හි සිට මකර රාශියේ 210 56’ 04” දක්වා යෙදී ඇත. මෙම භාවය තුළ නැප්චූන් සහ යුරේනස් යන ග්‍රහයන් තැන්පත්ව සිටිති.

ජන්ම පත්‍රයක 6 වැනි භාවය රෝගාබාධ, වෛද්‍ය විද්‍යාව, සේවකාදීන් සහ අපහසු වැඩවල යෙදීමට සම්බන්ධ වෙයි. ජන්ම පත්‍රයේ 6 වැනි භාවයට 10 වැනි භාවය සම්බන්ධ වන විට ජන්මියා වෛද්‍ය විද්‍යාව, රෝගාබාධ, සේවකයන්, සුරතල් සතුන් ඇතිකිරීම වැනි රැකියාවල යෙදෙයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජී.එච්.ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division