Home » ගණ දෙවියන්ගෙන් ධන සම්පත් ලැබෙන බලගතු ස්තෝත්‍ර

ගණ දෙවියන්ගෙන් ධන සම්පත් ලැබෙන බලගතු ස්තෝත්‍ර

21 වර ගායනා කරද්දී ඇදහිය නොහැකි ප්‍රතිඵල

by Mahesh Lakehouse
January 20, 2024 12:30 am 0 comment

අපි ගණ දෙවියන්ගේ විස්මිත හාස්කම් පිළිබඳව පෙර ලිපිවලින් සාකච්ඡා කළෙමු. ඇත්ත වශයෙන්ම එහි සඳහන් වූ සියල්ල හොරොව්පොතාන මොරකෑව ගණ දෙවි දේවාලයේදී තිස් වසරකට වැඩි කාලයක් මා ලද අත්දැකීම් හා ලැබූ ප්‍රතිඵල මත ලියැවුණු ඒවාය. මට හිතෙන දැනෙන ආකාරයට ඉසිවර පාඨක ඔබ එයින් දැනටමත් ගණ දෙවියන්ගේ හාස්කම්වල ප්‍රතිඵල ලබා ගනිමින් සිටින බව සිතමි. මෙම ලිපි මාලාවේ අවසාන වශයෙන් ඔබ ගණ දෙවියන්ට සමීප වන්නේ කෙසේද යන්න සාකච්ඡා කරමු.

අපේ දිවි ගමනේදී එදිනෙදා අපේ ජීවිතවලට එන කරදර කම්කටොලු සියල්ල වළකා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය සැමට සැමදා වැදගත් වනු ඇතැයි සිතමි. මිහිතලය මත දෙවියන් වැඩ සිටින බව සත්‍යයකි. නමුත් කිසිවකු කිසිම දෙවි කෙනෙකු පියවි ඇසින් දැක නැත. යම් විදියකින් යමෙකු යම් දෙවි කෙනෙකු දුටුවා යැයි පැවසුවහොත් එය පිළිගැනීමට ද සමාජය ද සූදානම් නැත. ඔබ ගණ දෙවියන් මනසින් හෝ දකින්න ඔබට මෙම ලිපි මාලාවේ කරුණු කාරණා අත්හදා බලා ක්‍රියාවෙහි යෙදවිය හැකි බව මාගේ විශ්වාසයයි. මෙලොව පමණක් නොව සක්වළෙහිම ඉතාම බලගතු සත්‍ය වන්නේ බුද්ධ ශක්තියයි. බුද්ධ දේශනා සූත්‍රවල දෙවියන් පිළිබඳව දේශනා බොහෝමයක් ඇත. එසේ දෙවියන් පිළිබඳව විශ්වාසය තැබීමට ප්‍රමාණවත් යැයි සිතමු. මිහිතලයේ සිට අජිනිටා බඹලොව දක්වා වූ දිව්‍ය ලෝක දාසයක් පුරා චිත්ත බලයෙන් ශක්තියෙන් නුවණින් ප්‍රතාපවත් දෙවිවරු වැඩ සිටිති. ඒ සහම්පති මහා බ්‍රහ්මයා, සක්‍ර දෙවියන් ප්‍රමුඛ දේව සමූහයයි.

මා මේ කරුණු පැහැදිලි කිරීම කරනු ලැබුවේ දෙවියන් ලොව තුළ සත්‍ය වශයෙන්ම වැඩ සිටින බව ඔබට යම් අවබෝධයක් ලබා ගැනීම සඳහායි. ගණ දෙවියන් යනු මහා බල ඇති නුවණ ඇති ප්‍රතාපවත් පොළෝවාසී දෙවි කෙනෙකි. උන්වහන්සේ ඉන්දියාවේ සිට පැමිණි බව පුරාණයේ සඳහන් වුවත් ලාංකේය බැතිමතුන්ගේ විශ්වාසය පවතින්නේ ලංකාවාසී දෙවි කෙනකු වශයෙන්ය. භාරතය, කාම්බෝජය වැනි රටවල වැසියෝද උන්වහන්සේ ඇදහු බව ගණ දෙවියන් පිළිබඳව ගවේෂණ කටයුතුවලදී ගම්‍ය වූ කරුණකි. වසර දහස් ගණන් ඉපැරැණි ගණ දෙවි ප්‍රතිමා වර්තමානයේත් විවිධ ආසියාකර රටවල දක්නට ලැබේ. කරුණු එසේ නම් ඉන්දියාව ලංකාව පමණක් නොව තවත් විවිධ රටවල වර්තමානයේ කෙසේ වුවද අතීතයේ උන්වහන්සේ ඇදහූ බව පුරාවිද්‍යාත්මකව මේ වන විට ඔප්පු කර ඇත.

ගණ දෙවියන් එසේත් නැතිනම් ‘පුල්ලේයාර් අත්තප්පා’ සැබැවින්ම පොළෝවාසි දෙවි කෙනෙකි. එමෙන්ම කතරගම දෙවියන්ගේ සහෝදරයාය. උන්වහන්සේ සැබැවින්ම වැඩ සිටින්නේ හේමකුඨය නම් ගිරිශිඛරය පාමුලය. සුර බඹ නර සියලු ලෝවාසීන්ට නැණ නුවණ සකල ඓශ්චර්ය සර්ව සෞභාග්‍ය උදා කර දෙන ප්‍රතාපවත් ගණ දෙවියන්ට පහත සඳහන් ක්‍රමවේදය තුළින් ඔබත් සමීප වී ඔබගේ සියලු කාර්ය ඉටුකර ගන්න ඔබගේ දිවි පෙවත දුක් පීඩා, කරදරවලින් තොර සෞභාග්‍යවත් දිවියක් කරගන්න හොරොව්පොතාන, මොරකෑව ඓශ්චර්යවත් ගණ දෙවිදුන්ගේ දෙවොලේදී මේ බලය ඇස්පනාපිටම දැකගත හැකිය. මෙම කලියුග වර්ෂය පුරාවට උන්වහන්සේගේ තේජස් භාවය පැතිර පවතිනු ඇත.

ගණ දෙවිඳුන්ගේ උපකාර ලබන්න උන්වහන්සේට සමීප වන්න ඉතා පහසු ක්‍රමය මෙන්න. සුපුරුදු පරිදිම පෙර ලිපිවල සඳහන් ආකාරයට උන්වහන්සේගේ ප්‍රතිමාව අබියස බුලත් කොළයක් තබා ගිතෙල් පහනක් දල්වන්න. සුවඳ කූරු දල්වා දුම් දී පැන් වීදුරුවක් රතු මල් කීපයක් තබා පහත සඳහන් ස්තෝත්‍රය 21 වර කියවන්න.

1) ස්තෝත්‍රය
ඕම් ශ්‍රිම් හ්රිම් ක්ලිම්
ග්ලොම් ගම් ගණ පතයේ වර වරද
සර්වජනම් මේ
වසවානයේ ස්වාහ

මෙම ස්තෝත්‍රය 21 වර ගායනා කර අවසානයේ ඔබේ යහපත් ඉල්ලීම ඉතා බැගෑපත්ව උන්වහන්සේගේ දෙපා පියුම් මත වැඳ වැටී ඉල්ලා සිටින්න. ඒකාන්තයෙන්ම උන්වහන්සේ ඔබේ පිහිටට වඩිනු ඇත. ඔබේ ඉල්ලීමෙන් අනතුරුව පහත සඳහන් ස්තෝත්‍රය 21 වර ගායනා කරන්න.

2) ස්තෝත්‍රය
ඕම් තත් පුරුෂයා
වක්‍ර තුණ්ඩාය දිමහී
තත්නෝ දන්නී ප්‍රමෝදයාත්

ඕම් ශ්‍රී තාල ස්වරූපායා ය විද්මහේ
කාලා කෝනාය ධී මහි
තන්නෝ දන්නී ප්‍රචෝදයාත්
කාලා කෝනාය ධී මහී
තන්නෝ කාල යෝගා
පෝදාස ගණපති ප්‍රමෝදයාත්

මෙම ස්තෝත්‍ර මන්ත්‍ර විද්‍යානුකුලව ඉතා බලගතුය. ඔබ ඔබේ ජීවිතයට මෙය හුරුකර ජීවිතයම ජය ගන්න. අඛණ්ඩව 21 දින ඔබ මෙම වතාවත්හි නිරත වීමෙන් ඔබ නොසිතූ ප්‍රතිඵල ඔබ වෙත ගලා එනු ඇත. ප්‍රතිඵල ලැබීමත් සමඟම ඔබට මෙම වතාවත් අඛණ්ඩව කිරීමට සිත් යොමු වේ. විශේෂයෙන් ණයබරින් මිරිකී සිත් වේදනා සහිතව ජීවත්වන අය මෙම වතාවත් පුරුදු වී එම වතාවත් අඛණ්ඩව සිදු කිරීමෙන් ඔබට ඉතා කෙටි කාලයක් තුළ ඉලක්කගතව ණයබරින් අත්මිදිය හැකිය. දූදරු ගැටලුවලදී ප්‍රමාද විවාහයන්වලදී සතුරු උවදුරුවලදී ආදී මෙකී නොකී ඕනෑම ප්‍රශ්නයකදී ඔබට මෙයින් පිහිට ලැබිය හැකිය. විශ්වාසය සහ භක්තියේ තරමට ඉක්මන් ප්‍රතිඵල නෙළාගත හැකිය. විපුල ප්‍රතිඵල නෙළා ගැනීමට දේව ආකර්ෂණ බලය තුළ වෙනත් ක්‍රමවේදයක් මීට වඩා නැති තරම්ය.

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division