Home » කාර්යාලය – වෙළෙඳ ව්‍යාපාරය දියුණු කරන වාස්තු රහස්

කාර්යාලය – වෙළෙඳ ව්‍යාපාරය දියුණු කරන වාස්තු රහස්

by Mahesh Lakehouse
January 20, 2024 12:30 am 0 comment

– වෙළෙඳ ව්‍යාපාරයක් නම් උතුර නැඟෙනහිර ඊසාන සුබයි
– මූල්‍ය කටයුතු සිදු කරන තැන‍ බ්‍රහ්ම පාදය අවහිර නොවිය යුතුයි
– කාර්යාලයක් හරි හතරැස් විය යුතුයි

ඇතැම් පාරිභෝගිකයන් ඇතැම් අවස්ථාවල සරුසාර පෙනුමක් ඇති වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන පසුකර සාමාන්‍ය පෙනුමක් ඇති ව්‍යාපාර ස්ථාන වෙත යන බැව් අප දැක ඇත්තෙමු. එසේ වන්නේ අපට නොපෙනෙන නොදැනෙන එක්තරා හේතුවක් විය නොහැකි දැයි පැනයක් ඇතිවීම ස්වාභාවිකය.

ඕනෑම ව්‍යාපාරිකයකු තමන්ගේ වෙළෙඳාම දිනෙන් දින දියුණු කරගැනීම සඳහා දිවා රෑ වෙහෙසීම සාමාන්‍ය දෙයකි. සමහර වෙළෙඳුන් පැය 24ම නිදාවරාගෙන තම වැඩකටයුතුවල නිරත වෙති. එහෙත් ඔවුන්ගේ උත්සාහයේ පමණට මුදල් ලැබීම් අඩුය. ඊට හේතුව අදෘශ්‍යමාන බලවේගයක් කියා කිව නොහැකිය.

නමුත් සමහර විට බොහෝ අය සිතන්නේ තමන්ටත් තම ව්‍යාපාරයටත් ඇතැමුන් යම් යම් වින දෝෂ සිදු කර ඇති බවකි. මේ ගැන සිතට ඇතුළු වුවහොත් ඒ මාතෘකාව අහකට ගැනීම නම් පහසු කාර්යක් නොවේ. හරියට වාස්තු නිවැරැදි නම් වැඩේ වරදින්නට හේතුවක් නැත. යහපත් වාස්තුවක් නම් යහපතක්ම සිදු වේ. එය අනිවාර්ය වන්නේය. පැරණි වෙළෙඳ ව්‍යාපාරිකයන් ඉතා යහපත් ලෙස තම ව්‍යාපාරික ස්ථාන දියුණු කරගත්තේ වාස්තු දෝෂ මඟහරිමිනි.

මේ ගැන අපි මේ අන්දමට සිතමු.

කාර්යාලයක් සතරැස් හෝ ඍජුකෝණාස්‍රාකාර හැඩයෙන් විය යුතුය. හැඩය අවිධිමත් නම් නිවැරදි කළ යුතු වේ. වෙළෙඳ කටයුතුවලට උතුර, නැඟෙනහිර සහ ඊසානත් සුබ වේ. කම්හලක් නම් නිරිතදිගෙන් අමුද්‍රව්‍යයන් ගෙන ඒමත් පිටවීමට වයඹ දිශාවත් යහපත්ය.

තම කාර්යාලය කුමන දිසාවක පිහිටා ඇතත් තම මේසය මුහුණලා තිබිය යුත්තේ නැඟෙනහිරට හෝ උතුරටය. ඊසාන මුල්ලට අසුබය. කාර්යාල මේසවල දැව, මාබල් හෝ ලෝහ ඉතාම ශුභය. ප්ලාස්ටික් අයහපත්ය. ඔබේ අසුන පිටුපස ජනේලයක් තිබීම අයහපත්ය. පීඩාවට පත්වේ. දිව්‍යමය අසුනක් විය යුතුය. අසුන හා මේසය ඉතාම පවිත්‍රකාරක වීම අනිවාර්ය වේ. කුණුකසළ පිරී තිබීම ආදායම් අඩු කරන්නකි. කරකැවෙන වක්‍රාකාර අසුන් වඩාත් සුබ වේ. ව්‍යාපාරික හා වෙනත් කටයුතුවලට නීතිමය අංශයට අයහපත්ය. මනස වෙහෙසා දෛනිකව වැඩ කරන අය උතුරට මුහුණලා සිටිය යුතු වේ. දිසාවද ඉතාම වැදගත් වේ. ඍණ පැත්ත බලා සිටීම නිසා ආදායම් පහත වැටේ.

ගිනිකොන දකුණ ද එතරම් සුබවාදී නැත. බටහිර දිසාව ක්‍රීඩා සහ විවිධ තාක්ෂණික ඉගෙනීම් කටයුතුවලට ඉතාම සුබය. උතුරට අධ්‍යාත්මික ගුණ වගාව වර්ධනය වේ. ඊසාන උත්තරීතරය. අධ්‍යාත්මික ගුණය ඔප්නංවයි.

පරිගණක, වෙනත් විදුලි උපකරණ කාමරයේ ගිනිකොන (අග්නි) පැත්තේ තිබීම යහපත්ය. ඊසානට ජීව පැළෑටි, රත් පැහැති මල් පෝච්චි, වතුර මල් යහපත් වේ.

මහා ලක්ෂ්මී දෙවඟනගේ ප්‍රතිමාව සහ චිත්‍රය උතුරේ හෝ නැඟෙනහිර තැබීම වාසනාව ගෙන දේ. ඇතුළත බිත්ති ළා කහ, ලෙමන් ක්‍රීම් වර්ණය ධනාත්මකය. උද්‍යෝගය වැඩි වේ. දිනපතාම උදෑසනම වැරෝමා තෙල් බින්දු කීපයක්ම කාර්යාලය තුළ ඉසින්න.

ව්‍යාපාර නොසිතූ අන්දමට බිඳවැටෙන්නේ ද වාස්තුව වැරදි තැනක තිබීම නිසාය. පාරිභෝගිකයන් නිතරම උතුර සහ නැඟෙනහිර දිසාවෙන් ඇතුළු වන්නේ නම් දෙපැත්තටම වාසි වේ. මූල්‍ය කටයුතු කරන තැන හරියටම බ්‍රහ්ම පාදය අවහිරව නොතිබිය යුතුය. ප්‍රබලව ශක්තිමත්ව තිබීම අනිවාර්ය වේ. ආරවුල් මතභේද මිල මුදල් ගැටලු ඇති නොවේ. වාස්තු හරියටම හරි විදියට තිබීම අනිවාර්ය වේ. ව්‍යාපාරික ස්ථානයත් එතුළ හැසිරීම් රටාවත් අතිශයින්ම ධනාත්මක විය යුතුය. ඍණ පැත්තේ නම් දිනෙන් දිනම පිරිහේවි.

බොහෝ ව්‍යාපාරික ස්ථානවල ගොඩනැඟිල්ලේ ඇතුළු වීමේ දොරටු කීපයක්ම පිහිටා තිබිය හැකිය. නමුත් එහි වැදගත්කම වන්නේ මූලිකම දොරටුව තබන දිසාවය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division