Home » මැද කුණු වූ අල ගෙඩිය

මැද කුණු වූ අල ගෙඩිය

by damith
January 20, 2024 12:30 am 0 comment

අද අපි මුලින්ම කිසි­යම් චෝද­නා­වක් සම්බ­න්ධ­යෙන් අප සිතන ආකා­රය ලියමු. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හ­යන් බල­යට පැමිණ මාස 14 ක් ගතවී ඇති බවත්, එම කාලය තුළදී ඔහු දහ­හ­තර වතා­වක් විදේශ සංචා­ර­වල නිර­තවී ඇති බවත් පසු­ගි­යදා ජවිපෙ නායක අනුර දිසා­නා­යක පැව­සීය. ඔහු මේ චෝද­නාව එල්ල කරන්නේ ජනා­ධි­ප­ති­තුමා පිට­රට ගිය ගමන් වාර ගණන සාමාන්‍ය ජන­තා­වගේ මනස තුළ තහ­වුරු කිරීම පිණි­සය. මෙවැනි තහ­වුරු කිරීම්වලින් ශත පහක වැඩක් නැත. 1988, 89 කාල­යේදී ජනතා විමුක්ති පෙර­මුණේ සන්නද්ධ අංශය වූ දේශප්‍රේම් ජනතා ව්‍යාපා­රය විසින් කරන ලද භයා­නක මනුෂ්‍ය ඝාතන පිළි­බඳ මිනි­සුන්ගේ හිත් තුළ දරු­ණු­ව­ටම තහ­වුරු වී තිබේ.

ජනා­ධි­ප­ති­තුමා දහ­හ­තර වතා­වක් රට යන්නේ විනෝද සංචාර සඳහා හෝ වෙනත් සැප ගැනීම් සඳහා නොවේ. මේ සංචාර දහ­හ­ත­රම නිල වශ­යෙන් ලැබුණු ආරා­ධ­නාය. මේ හැම අව­ස්ථා­ව­ක­දීම ඔහු විසින් ඒ ඒ රට­වල රාජ්‍ය නාය­ක­යන් හමු වූ අතර ඔවුන් සමඟ ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වීය. මළ ගේක­ට­වත් ආරා­ධනා නොලැ­බෙන දේශ­පා­ල­නඥ­යන් පිරි­සක් මේ රටේ සිටිති. ඔවුන් රට යන්නේ පිට­ර­ට­වල සිටින හිත­ව­තු­න්ගෙන් ටිකට් ගෙන්නා ගෙන තම ඉදිරි සුබසිද්ධිය සඳහා මුට්ටි කාසි එකතු කිරී­ම­ටය. දේශ­පා­ලන කතා වලදී ද්වේශය මුදා හරි­න්නට පටන් ගත්තොත් වැඩේ පකි­ස්තාන් අල ගොඩක් බවට පත්වේ. පාකි­ස්තා­න­යෙන් ගෙන්වන අර්තා­පල් වර්ග බොහො­ම­යක් පිට­තින් ලස්ස­නට පෙනු­නාට මැද කුණුවී ඇත.

පසු­ගි­යදා ජනා­ධි­පති වික්‍ර­ම­සිං­හ­යන් ස්විට්ස­ර්ල­න්තයේ පැවැ­ත්වෙන ලෝක ආර්ථික සංස­දයේ වාර්ෂික සමු­ළු­වට සහ­භාගී වීම­ටත් එය ඇම­තී­ම­ටත් ලංකා­වෙන් නික්ම ගියේය. ලෝක ආර්ථික සමු­ළුව යනු විශාල බල­යක් ඇති සමු­ළු­වකි. හැම අවු­රු­ද්ද­කම ලෝකයේ දේශ­පා­ල­නික, ආර්ථික, සමාජ සහ පාරි­ස­රික න්‍යාය පත්‍ර විස­ඳීම ආරම්භ කෙරෙන්නේ ජන­වා­රියේ පැවැ­ත්වෙන මේ සමු­ළු­වේ­දීය. සාමා­න්‍ය­යෙන් ජනා­ධි­ප­ති­වරු, අග­මැ­ති­වරු, ජාත්‍ය­න්තර සංවි­ධා­න­වල ප්‍රධා­නීන් ලෝකයේ ධන­වත්ම සමා­ග­ම්වල අයි­ති­ක­රු­වන්, සිවිල් සමා­ජයේ නියෝ­ජි­ත­යන් සහ සුප්‍ර­කට අධ්‍යා­පන ආය­ත­න­වල උගත් ප්‍රධා­නීහු මේ සමු­ළු­වට සහ­භාගී වෙති. මෙවර සමු­ළු­වේ ප්‍රධාන ආරා­ධිත දේශ­නය පැවැ­ත්වී­මට නිය­මි­තව තිබුණේ ජනා­ධි­පති වික්‍ර­ම­සිං­හ­ය­න්ටය. බල­ශක්ති සුර­ක්ෂි­ත­තා­වෙන් යුත් ශ්‍රී ලංකා­වක් ගොඩ­නැ­ඟීම ඔහුගේ කතාවේ මාතෘ­කාව විය. මේ දේශ­න­යෙන් පසු ලංකා­වට වැඩ­දා­යක බිස්නස් ගණ­නා­වක් මෙර­ටට ගෙන ඒම සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා ජනා­ධි­ප­ති­තුමා විසින් පව­ත්වන ලදී.

එම සමු­ළුව නිම­වී­මෙන් පසු ජනා­ධි­ප­ති­තුමා ඊළ­ඟට ගියේ උග­න්ඩාවේ කම්පාලා නුවර පැවැ­ත්වෙන 19 වන නොබැඳී සමු­ළුව ඇම­තී­ම­ටය. මෙවර සමු­ළු­වට ජනා­ධි­ප­ති­වරු සහ අග­මැ­ති­වරු ඇතුළු 77 දෙනෙක් සහ­භාගී වූහ. නොබැඳි සමු­ළු­වට සාම්ප්‍ර­දා­යික රාජාණ්ඩු පව­තින රට­වල රජ­වරු පවා සහ­භාගී වෙති. මෙය ලංකා­වට ඉතා වැද­ගත් සමු­ළු­වකි. නොබැඳි සමු­ළුව එහි උප­රිම අව­ස්ථාවේ පැව­තුණු 1976දී ලංකාවේ සමු­ළු­වක් පැවැ­ත්විය. සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­තු­මි­යගේ නාය­ක­ත්ව­යෙන් පව­ත්වන ලද මෙම සමු­ළුව වෙනු­වෙන් ඉදි කෙරුණු බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වත්, තරු පහේ හෝටල් කිහි­ප­ය­කුත් අද­ටත් මේ රටේ තිබේ. එදා පැවති නොබැඳි සමු­ළු­වට අඩුම ගණනේ අග­මැ­ති­ව­රුන්, ජනා­ධි­ප­ති­වරු සහ රජ­වරු සීය­කට වඩා සහ­භාගී වූහ. එදා නොබැඳි සමු­ළුවේ පැවති විභ­වය සහ කීර්තිය 1977 න් පසු පැති­රෙ­න්නට පට­න්ගත් ගෝලී­ය­ක­රණ සංක­ල්පය යටතේ ක්‍රම­යෙන් හැකි­ළෙ­න්නට පටන් ගත්තේය. මේ සමු­ළුව පොදු රාජ්‍ය මණ්ඩ­ලයේ මහා සමු­ළු­වට වඩා බල­ග­තුය. එකල මෙය දෙවැනි වුණේ එක්සත් ජාතීන්ගේ මහ සමු­ළු­වට පමණි.

මේ සමු­ළුව නැවත වතා­වක් එහි ආර­ම්භක කීර්ති­ම­ත්භා­වය (former glory) වෙත යොමු කිරීමේ ව්‍යාපා­ර­යක් මීට වසර කිහි­ප­ය­කට පෙර ආරම්භ විය. අද එම ව්‍යාපා­රයේ පෙර­මුණ ගෙන සිටින්නේ ජනා­ධි­පති වික්‍ර­ම­සිං­හ­යන්ය. ජනා­ධි­ප­ති­තුමා මෙවැනි ජාත්‍ය­න්තර කට­යු­තු­වල නිරත වන විට දන්සැ­ලක් විවෘත කිරී­ම­ට­වත් ආරා­ධනා නොල­බන ඇතැම් දේශ­පා­ල­කයෝ ඇඹ­රෙ­න්නට පටන් ගනිති.

මේ අතර තවත් වැද­ගත් කතා­වක් කියමු. රතු මුහුදේ හූති ගරි­ල්ලන් විසින් ආරම්භ කෙරුණු ආක්‍ර­ම­ණික ක්‍රියා­වන්ට මූණ­දීම සඳහා රතු මුහු­දෙන් පල ප්‍රයෝ­ජන ලබන රට­වල් සිය­ල්ලම පාහේ එම මුහුදු ප්‍රදේ­ශ­යට යුද්ධ නැව් යවා ඇත. මෙහිදී යුද්ධ නැව් යැවී­මෙන් වැළකී සිටියේ මාල­දි­ව­යින වැනි රටක් පමණි. ඔවුන්ට වෙර­ළා­ර­ක්ෂක බෝට්ටු මිස යුද්ධ නැව් නැත. රතු මුහුදේ හූති ගරි­ල්ලන් මර්ද­නය කිරීම සඳහා අමෙ­රි­කාව ගුවන් යානා ප්‍රවා­හන නැව් ඇතුළු යුද්ධ නැව් 10ක් ද ප්‍රහා­රක ගුවන් යානා විශාල තොග­යක් ද එම මුහුදු ප්‍රදේ­ශ­යට යවා ඇත. ඉන්දි­යාව ද යුද්ධ නැව් 10ක් එහි යැවූ අතර, පාකි­ස්ථා­නය එක යුද්ධ නැවක් ද, ලංකාව එක යුද්ධ නැවක් ද එහි යවා තිබේ.

මේ යුද්ධ නැව යැවීම සම්බ­න්ධ­යෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස බොහෝ ආඩ­පාලි නඟා ඇත. අපේ යුද්ධ නැවක් රතු මුහු­දට යැවීම අන්ත­රා­දා­යක වැඩක් බවත් එම­ඟින් විශාල මුද­ලක් නාස්ති වන බවත් ඔහු කියා ඇත. ලෝකයේ සිය­ලුම රට­වල් සජිත් ප්‍රේම­දාස හිතන ආකා­ර­යට කල්පනා කළේ නම් රතු මුහුද මේ වන විට හූති ගරි­ල්ලන්ට අයත් මුහු­දක් බවට පත්ව­නවා ඇත. එවිට එම ප්‍රදේ­ශ­යෙන් වෙළඳ නැව් යාම සම්පූ­ර්ණ­යෙන්ම නව­තින අතර, එම ප්‍රදේ­ශය මග­හැර දීර්ඝ ගමන් මාර්ග­ව­ලින් වෙළඳ භාණ්ඩ බෙදා හැරී­මට වෙළඳ නැව්ව­ලට සිදු­ව­නවා ඇත. එවිට පරිප්පු කිලෝ­වක් රුපි­යල් 2,000 ටත් පාන් ගෙඩි­යක් රුපි­යල් 500ටත් යාම නොවැ­ළැ­ක්විය හැකි වෙයි. ලංකාව රතු මුහු­දට යුද්ධ නැවක් යවන්නේ ත්‍රස්ත­වා­ද­යට විරුද්ධ ඒක­ම­ති­ක­භා­වය ප්‍රද­ර්ශ­නය කිරීම සඳ­හාය. සම­හ­ර­ විට එක වෙඩි­ල්ල­ක්වත් නොතබා ආපසු ලංකා­වට පැමි­ණී­මට එම යුද්ධ නැව්ව­ලට සිදු­ව­නවා ඇත. ජාත්‍ය­න්තර දේශ­පා­ල­නය ගැන නොදත් සිල්ලර කැලෑ­සියේ ළම­යින් දේශ­පා­ල­නය කිරී­මේදී මෙවැනි දේව­ලට විරුද්ධ වීම සාමාන්‍ය කාර­ණ­යකි. මේ ගැන වැඩි­පුර කතා කළොත් එම සිල්ලර ළම­යින්ගේ හිත් බෙහෙ­වින් පෑරී­මට ඉඩ ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division