Home » ගංවතුරෙන් පවුල් 53,000කට පීඩා

ගංවතුරෙන් පවුල් 53,000කට පීඩා

by Mahesh Lakehouse
January 13, 2024 12:31 am 0 comment

පළාත් 6කට අයත් දිස්ත්‍රික්ක 9ක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 53,641කට අයත් පුද්ගලයන් 1,78,312ක් පීඩාවට පත්ව ඇති අතර, එයින් පවුල් 2,659කට අයත් පුද්ගලයන් 8,351ක් ආරක්ෂිත ස්ථාන 48ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් වැඩි පීඩාවට පත් පළාත නැඟෙනහිර වන අතර ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට අයත් පවුල් 52,652කට අයත් පුද්ගලයන් 174,866ක් පීඩාවට පත්ව සිටී.

ඌව පළාතේ බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල පවුල් 698කට අයත් පුද්ගලයන් 2,415ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 682ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 309ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 17ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 23ක් ද අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇත.

අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස 12කට පූර්ණ හානි සහ නිවාස 288කට අර්ධ හානි සිදුවී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවලින් වැඩිදුරටත් අනාවරණය වේ.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division