Home » නොමිලේ දෙන දුම්රිය එන්ජින් ලබන මාසයේ ධාවනයට

නොමිලේ දෙන දුම්රිය එන්ජින් ලබන මාසයේ ධාවනයට

by Mahesh Lakehouse
January 13, 2024 12:33 am 0 comment

ඉන්දීය රජය මඟින් නොමිලේ ලබා දෙන දුම්රිය එන්ජින් ලබන මස 04 වෙනිදාට පෙර ලැබීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර සිළුමිණට කීය.

ඉන්දීය රජයෙන් දුම්රිය එන්ජින් 23ක් මෙරට දුම්රිය සේවාව නැංවීම සඳහා ලබා දීමට නියමිත අතර පසුගිය මාසයේ දුම්රිය ඉංජිනේරුවන් පිරිසක් ඉන්දියාවට ගොස් ඒ සම්බන්ධව අදාළ කටයුතු සිදු කර පැමිණි බවත් ඒ අනුව අදාළ දුම්රිය එන්ජින් මෙරටට ගෙන්වීමට කටයුතු කෙරෙන බවද ඔහු කීවේය.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත්තේ නිදහස් සමරුව පෙබරවාරි 4 දිනට යෙදෙන බැවින් එදිනට ධාවනය පිණිස එන්ජින් දෙකක් මෙරටට ලබා දීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශයේ හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මූලිකත්වයෙන් මේ මස අවසන් සතිය වන විට එම දුම්රිය එන්ජින් 2ක් මෙරටට ලැබීමට නියමිත බව ද සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේය. සෙසු දුම්රිය එන්ජින් එයින් පසුව ලැබීමට කටයුතු කෙරෙනු ඇත.

එම සමස්ත දුම්රිය එන්ජින්වල වටිනාකම රුපියල් කෝටි 3,000ක් ඉක්මවනු ඇති අතර සියලු දුම්රිය එන්ජින් නොමිලේ ලබාදීමට ඉන්දීය රජය කටයුතු කර තිබේ.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division