Home » BOI ඩොලර් බිලියනයේ ඉලක්කය ඉක්මවයි

BOI ඩොලර් බිලියනයේ ඉලක්කය ඉක්මවයි

by Mahesh Lakehouse
January 13, 2024 12:34 am 0 comment

විදෙස් ආයෝජන ප්‍රවර්ධනයට පසුගිය වසරේ ලබා දුන් ඉලක්කය වූ ඇමරිකන් ඩොලර් බිලියනය වෙනුවට ඇ‍ෙමරිකන් ඩොලර් බිලියන 2.3ක ඉපැයීමක් සිදු කළ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම සිළුමිණට ප්‍රකාශ කළේය.

එහිදී නව ආයෝජන ව්‍යාපෘති 37ක් ආරම්භ කළ බවත් දැනට පවත්නා ව්‍යාපෘති 28ක් තවත් ඉදිරි කාල සීමාවකට දීර්ඝ කිරීම් සිදු කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මේ වසරේ නව ආයෝජන 30ක් වෙනුවෙන් අත්සන් කිරීමට දැනටමත් කටයුතු සැලසුම් කර ඇතැයිද මේ වසරේ ද ලබා දී ඇති ඉලක්කය වන ඩොලර් බිලියනය වෙනුවට ඩොලර් බිලියන 3.5ක් 4ක් දක්වා ආයෝජන ගෙන ඒමට අපේක්ෂා කරන බව ද ඔහු පෙන්වා දුන්නේය. පසුගිය වසරේ ගිවිසගත් ආයෝජන 30ට අමතරව මේ වසරේ ආයෝජන රැසක් ලැබීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division