Home » සිසුන් 27,000කට කෘෂි ප්‍රශ්න පත්‍රය යළිත්

සිසුන් 27,000කට කෘෂි ප්‍රශ්න පත්‍රය යළිත්

by Mahesh Lakehouse
January 13, 2024 12:35 am 0 comment

මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය විභාග දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර ඇති අතර එම ප්‍රශ්න පත්‍රය සියලු විභාග අවසන් වූ සැණින් මේ මස අග යළි පැවැත්වීමට තීරණය කර ඇත. මෙම විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 27,000 පමණ වේ.

මේ වන විට විභාග ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විභාග දෙපාර්තමේන්තුව විසින් පුළුල් පරීක්ෂණයක් දියත් කෙරෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට ඉකුත් සිකුරාදා රාත්‍රී පැවැසීය.

විභාග ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔත්සේ සංසරණය වී ඇති බවට පළවූ පැමිණිලි සත්‍යය බවට තහවුරු වී ඇති හෙයින් වහාම අදාළ ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර, මෙම ප්‍රශ්න පත්‍රය පැවැතියේ පසුගිය 10 වැනිදාය. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ටත්, පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රශ්න පත්‍රය ඔවුන්ගේ අයැදුම්පත්‍රවල සඳහන් ලිපියනයන්ටත් තැපැල් කිරීමට කටයුතු කරන බවයි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division