Home » ගම්බද කතුන්ට ගිනි පොලියට ණය දෙන ආයතනවලට වැඩ වරදියි

ගම්බද කතුන්ට ගිනි පොලියට ණය දෙන ආයතනවලට වැඩ වරදියි

ක්ෂුද්‍ර මූල්‍ය පනතක් එයි

by Mahesh Lakehouse
January 13, 2024 12:37 am 0 comment

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමනය අත්‍යවශ්‍ය කාරණාවක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිනි කෝකිලා ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ඉකුත් සිකුරාදා පැවසුවාය.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන ප්‍රකාශ කළේ හතු පිපෙන්නාක් මෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ග්‍රාමීය මට්ටමෙන් බිහිව ඇති බවත් මෙම ආයතන මඟින් ඉතාම ආකර්ෂණීය ලෙස ණය ලබාදෙන බවට පවසා වැඩි පොලී අනුපාතයක් අය කරමින් ජන ජීවිතය පීඩාවට පත් කරන බවත්ය.

එහිදී වැඩිදුරටත් යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේද කියා සිටියාය. “ක්ෂුද්‍ර මූල්‍ය” ණය ගෙන අසරණ වන කාන්තාවන් හා පවුල් ගැන වාර්තා වෙනවා. ලියාපදිංචි වුණ පිරිසකුත් ඉන්නවා. නොවුණු පිරිසකුත් ඉන්නවා. ජනතාවගේ ජීවිත විනාශ වන මට්ටමට එමඟින් කටයුතු කරනවා. ගමේ සිටින ගැලවුම්කාරයා වගේ තමයි ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන කෙනා හැසිරෙන්නේ. කාන්තාවන් එකතු කරගෙන සමිති පිහිටුවා ඔවුන්ට පහසු ක්‍රමයට ණය දෙනවා කියලා ණය දීලා ණය උගුලකට මේ කාන්තාවන් හිර කරනවා. මේ ණය ගෙවා ගැනීමට බැරි වුණාම ජීවිතවලින් වන්දි ගෙවනවා. මේක හරිම භයානක තත්ත්වයක්. ෆේස්බුක් හරහාත් දැන් ණය දෙනවා. ආකර්ෂණීය ලෙස මේ ණය දෙන ආකාරයට තමයි හැසිරෙන්නේ. නමුත් ආපසු බැලුවාම වාර්ෂිකව සියයට 200 ක 300 ක පොලියට තමයි මේ ණය දෙන්නේ. සමෘද්ධි බැංකුව හරහාත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙනවා. එය යම් විදියක හොඳ මට්ටමක තිබෙනවා.

හතු පිපෙන්නා වගේ මූල්‍ය ආයතන ගම් තුළ බිහි වෙනවා.

විශාල පොලී අනුපාතවලට ණය දෙනවා. රජයේ පවතින නීති ඉතාම ලිහිල්. ඒ නිසා ගැළවෙන්න පුළුවන්. ක්ෂු‍ද්‍ර මූල්‍ය ආයතන සෙල්ලම් කරන්නේ ජන ජීවිත සමඟ. ඒ නිසා මෙයට නීති ගෙනා යුතුමයි.“

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division