Home » කේන්දරේ 5 වැනි භාවයේ පලාපල කථනය – 3

කේන්දරේ 5 වැනි භාවයේ පලාපල කථනය – 3

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

මේෂ කේන්දරේ 3, 4, 8, 12 භාව නිවේදක ග්‍රහයන් වන්නේ බුධ, රවි, රාහු, සඳු, ගුරු, කේතු සහ සිකුරුයි

මෙම ජන්ම පත්‍රයේ 3 වැනි, 4 වැනි, 8 වැනි සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ බුධ, රවි, රාහු, සඳු, ගුරු, කේතු සහ සිකුරු වෙති.

ක්‍රිස්තු වර්ෂ 1995 සැප්තැම්බර් මාසයේ 09 වැනි දින කුජ ග්‍රහයාගේ මහ දශාව ගෙවී ඇත.

ක්‍රිස්තු වර්ෂ 2013 සැප්තැම්බර් මාසයේ 09 වැනි දින රාහු ග්‍රහයාගේ මහ දශාව ගෙවී ක්‍රිස්තු වර්ෂ 2029 සැප්තැම්බර් මාසයේ 09 වැනි දින දක්වා ගුරු ග්‍රහයාගේ මහ දශාව පවතියි. ක්‍රිස්තු වර්ෂ 2021 ජූලි මාසයේ 22 වැනි දින සිට 2024 මාර්තු මාසයේ 22 වැනි දින දක්වා ගුරු ග්‍රහයාගේ මහ දශාවේ සිකුරු ග්‍රහයාගේ භුක්තිය පවතියි.

ක්‍රිස්තු වර්ෂ 2023 සැප්තැම්බර් මාසයේ 10 වැනි දින සිට 2024 ජනවාරි මාසයේ 26 වැනි දින දක්වා ගුරු ග්‍රහයාගේ මහ දශාවේ සිකුරු ග්‍රහයාගේ භුක්තිය සහ බුධ ග්‍රහයාගේ අන්තරය පවතී. මෙම ගුරු, සිකුරු සහ බුධ යන ග්‍රහයන්ගේ කාල සීමාව තුළ ජන්මියා, ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට මෙම ජන්ම පත්‍රයේ 3 වැනි, 4 වැනි, 8 වැනි සහ 12 වැනි භාව ප්‍රතිඵල ලබයි.

මෙම කාල සීමාව තුළ මහ දශාව අධිපති ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන බලන්න. ගුරු ග්‍රහයා දැන් කුජ හිමි මේෂ රාශියේ ගමන් කරයි. ක්‍රිස්තු වර්ෂ 2024 පෙබරවාරි මාසයේ 01 වැනි දින සිට 2024 අප්‍රේල් මාසයේ 17 වැනි දින දක්වා කුජ හිමි මේෂ රාශියේ සිකුරු හිමි නක්‍ෂත්‍රයක ගමන් කරයි. එවිට සිකුරු ග්‍රහයා නිවේදකත්වය දරන ප්‍රතිඵල ලබයි. ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන සිදුවන උපස්ථානය හිමි ග්‍රහයාගේ නිවේදකත්වය අනුව, ලබා දෙන ප්‍රතිඵලවල සුබ හෝ අසුබ බව නිගමනය කළ හැකිය. ඒ සමඟම රවි සහ සඳු යන දීප්ත ග්‍රහයන්ගේ ගෝචර ගමන සිදුවන ආකාරය අධ්‍යයනය කිරීමෙන් ප්‍රතිඵලවල සුබ හෝ අසුබ බව තවදුරටත් තහවුරු කළ හැකිය.

ක්‍රිස්තු වර්ෂ 2024 පෙබරවාරි මාසයේ 01 වැනි දින රවි ග්‍රහයා ශනි හිමි මකර රාශියේද, 2024 පෙබරවාරි මාසයේ 14 වැනි දින සිට 2024 මාර්තු මාසයේ 14 වැනි දින දක්වා ශනි හිමි කුම්භ රාශියේද, 2024 මාර්තු මාසයේ 14 වැනි දින සිට 2024 අප්‍රේල් මාසයේ 13 වැනි දින දක්වා ගුරු හිමි මීන රාශියේද ගමන් කරයි. එවිට මෙම කාල සීමාව තුළ රවි ග්‍රහයාගේ ගෝචර ගමන සිදුවන නක්‍ෂත්‍රය හිමි ග්‍රහයාගේ නිවේදකත්වය දරන ප්‍රතිඵල ලබයි.

මෙම කාල සීමාවන් තවදුරටත් සියුම් කරගැනීම සඳහා සඳු ග්‍රහයාගේ ගෝචර ගමන් පිළිබඳව අවධානය යොමු කරන්න. මේ අනුව එක් එක් භාව නිවේදක ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාලසීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට එකී භාවවලට අදාළ කටයුතු ක්‍රියාත්මක වෙයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division