Home » ඕංකාර ගණපති උපායනා යන්ත්‍රය

ඕංකාර ගණපති උපායනා යන්ත්‍රය

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

– මූල මන්ත්‍රයෙන් ද සිද්ධි කර ගන්න
– දහස්වර ජපකර ගත යුතු ස්තෝත්‍රය
– නිසි වත්පිළිවෙත් අනුව සකස් කර ගත්තොත් රජ වුණා හා සමානයි

ගණ දෙවියන් යනු අපේ රටේ ලොකු පොඩි කා අතරත් ඉතාම ප්‍රසාදයට මෙන්ම කීර්තියට පත් අතිඋතුම් දෙවි කෙනෙකි. උන්වහන්සේ සතු අනුහස්, තේජස්භාවය නිසාම උන්වහන්සේගේ පිළිරුවක් පින්තූරයක් නැති නි‍ෙවසක් සොයා ගැනීමට නැති තරම්ය. බෞද්ධ හින්දු සෑම නි‍ෙවසකම පාහේ උන්වහන්සේගේ පින්තූර පිළිම දක්නට හැකිය. ඉන්දියාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ව්‍යාපාර ජන ආකර්ෂණයට ලක් කිරීමට මෙන්ම ඉහළ ලාභ ලැබීමට මෙන්ම ගණ දෙවියන්ගේ ආකර්ෂණය බලය ලබා ගැනීම සඳහා බහුල වශයෙන් භාවිත කෙරෙන මෙම ‘ගණ දෙවි උපායනා යන්ත්‍රය‘ ශාස්ත්‍රානුකූලව මන්ත්‍ර සහ යන්ත්‍ර විධි භාවිත කරමින් පිළියෙල කර භාවිත කිරීමට හැකි නම් ඔබටත් ධනයෙන් බලයෙන් අගතැන් වී රජකු නොවුණද රජකු මෙන් ජීවත් වීමේ භාග්‍ය උදා වන බව මා කියන්නේ තිස් වසරක මාගේ අත්දැකීම්වලිනි.

ගණ දෙවියන්ගේ බලය ශක්තිය විශ්වය හරහා ආකර්ෂණය වන ගුප්තමය බලය පවතින්නේ ‘ඕං’ යන අක්ෂර බලය තුළය. මේ පිළිබඳව විග්‍රහ කර විද්‍යාත්මක පදනම ඔබට පහදා දෙනවාට වඩා ඔබට එයින් ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද යන්න පැහැදිලි කර දීම ප්‍රයෝජනවත් යැයි සිතමි.

‘ඕං’ කාර ගණපති ධන උපායනා යන්ත්‍රය

මෙම යන්ත්‍රය තඹ තහඩුවක පුර පක්ෂයේ දිනක රාහු කාලය මඟහරවා තම පක්ෂියා රජ භෝජන අවස්ථාවක ඇඳ පිළියෙල කරගන්න. ඉතාම පිරිසිදු ස්ථානයක ගොම සහ අමු කහ දිය කර ඉස පිරිසිදු කර දුම් දී විභූතිවලින් චක්‍රය ඇඳ උඩ වියන් බැඳ වට තිර ඇඳ සාම්බ්‍රාණි සුවඳ දුම්, දී බුලත් පුවක්, පිරිසිදු කැවිලි, ලඩ්ඩු, පලතුරු, උක් ගස්, පොල්, සඳුන්, පොරි, උක් හකුරු, සූකිරි, කිරි, බැදිකඩල, කහමල්, රතුමල්, කපුරු ආදියෙන් යුතුව අංගසම්පූර්ණ ‘යහන’ සාදා සුබ හෝරාවෙන් පහත ස්තෝත්‍රය මුලින් දහස්වර කියන්න.

ස්තෝත්‍රය

අරි ඕං ත්‍රිපුර සංකාර විස්ණෝෂ රූපා ටං ටං සරනා
තිනෛනයාත් තම බිනේත් වාවා ඝණපති මහා ඝණපති
එන්නා විලුම් මනදිලුම් නිකි සිවා

ස්තෝත්‍රය දහස් වර කියා අනතුරුව මූල මන්ත්‍රයෙන් ජප කරන්න. එවිට සිද්ධිය ලැබේ.

මූල මන්ත්‍රය
ඕං කිලි අං උං

සම්පූර්ණයෙන් බල ගැන්වූ පසු මේ යන්ත්‍රය සර්වජන රාජ වශියකි. මෙය පලඳින්නා දියුණුවට පත් වේ. ධනය යානවාහන ලාභ ලැබේ. වෙළෙඳාම් ව්‍යාපාර ගොවිතැන් ලාභ ලැබේ. බුද්ධිය වඩවයි. නුවණ ඇතිව කටයුතු කරයි. සුබ ක්‍රියාවෙහි යෙදෙන්නන්ට සුබම පල ලැබේ. ඉගෙනීම කරන දරුවන්ට තරග විභාගවලට උසස්වීම ලැබීමට ඉහළ තනතුරු දරනා අයට මැතිවරණවලින් ජය ලැබීමට මේතාක් ගුණ දෙන තවත් යන්ත්‍රයක් විශ්වයේ නැති තරම්ය. මෙය අත්හදා බලන්න.

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division