Home » ෆීජි වරාය සමාගම එයිට්කන් ස්පෙන්ස් හවුලේ ලාභය බෙදයි

ෆීජි වරාය සමාගම එයිට්කන් ස්පෙන්ස් හවුලේ ලාභය බෙදයි

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ව්‍යාපාර අතරේ පෙරමුණ ගත් සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමත්, ෆීජී වරාය සමාගම සහ ෆිජී වරාය පර්යන්ත සමාගමත් අතර පවතින රාජ්‍ය මට්ටමේ සම්බන්ධතාවයට අදාලව එම හවුල්කාරිත්වයේ ලාභාංශ පසුගිය දා බෙදා ගනු ලැබුවේය.

ෆිජී වරාය සමාගමේ කොටස්කරුවන් වන්නේ ෆිජී හි රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය, එයිට්කන් ස්පෙන්ස් සමාගම සහ ෆිජී හි ජාතික අර්ථසාධක අරමුදලයි. ෆිජී වරාය සමාගමේ කොටස්හිමියන් නියෝජනය කරන අධ්‍යක්‍ෂවරුවන ආචාර්ය පරාක්‍රම දිසානායක (එයිට්කන් ස්පෙන්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති/කළමනාකාර අධ්‍යක්‍ෂ), පිටා වයිස් (සභාපති – ෆිජී වරාය සමාගම/ෆිජී හි අග්‍රාමාත්‍ය ලේකම්) සහ අශ්වින් පාල් (අධ්‍යක්‍ෂ – ෆිජීහි ජාතික අර්ථසාධක අරමුදල) ෆිජී අග්‍රාමාත්‍ය සිතිවෙනි රබූකා හවුල්කාරීත්වයේ ලාභාංශය පිළිගත්තේය. අනතුරුව සිතිවෙනි රබූකා විසින් එයිට්කන් ස්පෙන්ස් සමාගම වෙත හිමි ලාභාංශ ද එම සමාගමට පිරිනමන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division