Home » SLT-MOBITEL Home Broadband වෙතින් රාත්‍රියට නොමිලයේ අන්තර්ජාල පහසුකම්

SLT-MOBITEL Home Broadband වෙතින් රාත්‍රියට නොමිලයේ අන්තර්ජාල පහසුකම්

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය Home Broadband පාරිභෝගිකයන්ට මධ්‍යම රාත්‍රියේ සිට පෙ.ව 7.00 දක්වා නොමිලයේ අසීමිත ඩේටා පහසුකම් ලබා දීමට පියවර ගෙන තිබේ.

පාරිභෝගික අවශ්‍යතා හඳුනාගමින්, මාසික පැකේජ භාවිත කරන සියලුම SLT-MOBITEL පාරිභෝගිකයන්ට මෙන්ම ඉදිරියේදී මාසික පැකේජ සහිතව අලුතින් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්නා සියලුම පාරිභෝගිකයන්ට මෙම ‘Midnight Thriller’ ක්‍රමය යටතේ රාත්‍රී කාලයේ අන්තර්ජාල පහසුකම් සීමා සහ ගාස්තුවලින් තොරව නොමිලයේ හිමි වේ. ‘Midnight Thriller’ ලබාගැනීම සඳහා පාරිභෝගිකයන් අමතර ගාස්තු ගෙවීම හෝ අමතර සේවා සක්‍රීය කිරීම අවශ්‍ය නොවේ. පාරිභෝගික තෘප්තිය උදෙසා නිරන්තරයෙන් කැප වී සිටින SLT-MOBITEL දියත් කළ ‘Midnight Thriller’, මෙරට පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල අත්දැකීම නව මානයකට රැගෙන යනු නිසැක ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division