Home » Huawei ශ්‍රී ලංකාවේ හරිත බලශක්තිය ප්‍රවර්ධනයට පියවර ගනියි

Huawei ශ්‍රී ලංකාවේ හරිත බලශක්තිය ප්‍රවර්ධනයට පියවර ගනියි

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

Huawei සමාගම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) සහ සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය (SIA) සමඟ එක්ව ‘Unleashing the Potential of a Sustainable Energy Future’ නමින් සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකාවේ තිරසර බලශක්ති ව්‍යාප්තිය සඳහා දරන ලද ප්‍රයත්නයක් ලෙස පවත්වන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන් නියෝජන කරමින් ආරාධිතයින් 300කට අධික සංඛ්‍යාවක් සහභාගි විය. මෙහිදී බලශක්ති ක්ෂේත්‍රයේ විකාශනය සම්බන්ධව තීරණාත්මක මාතෘකා රැසක් සාකච්ඡා කළ අතර මෙම අවස්ථාව ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරු අවබෝධයක් බෙදා ගැනීමට උපයෝගි වූ ගතික වේදිකාවක් විය. ව්‍යාපාර, කර්මාන්ත සහ රාජ්‍ය කර්මාන්ත පිළිබඳ අදහස් සහයෝගීතාවයෙන් හුවමාරු කර ගැනීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම සහ 2030 හරිත බලශක්ති දැක්ම සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව වෙත දායකත්වය දැක්වීම මෙම සම්මන්ත්‍රණයේ මූලික පරමාර්ථය වි ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division