Home » යුනියන් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි ඩිල්ෂාන් රුද්‍රිගු

යුනියන් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි ඩිල්ෂාන් රුද්‍රිගු

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

2024 ජනවාරි 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඩිල්ෂාන් රුද්‍රිගු පත් වන බව යුනියන් බැංකුව නිවේදනය කරයි.

ඩිල්ෂාන් රුද්‍රිගු බැංකු ක්ෂේත්‍රයේ දශක දෙකකට අධික අත්දැකීම් සහ පළපුරුද්දක් සහිත ප්‍රමුඛ පෙළේ විධායක නිලධාරියෙකි. මෙම පත් වීමට පෙර හැටන් නැෂනල් බැංකුවේ (HNB) විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සේවය කළ රුද්‍රිගු, එහි දී මධ්‍යගතකරණය, ස්වයංක්‍රීයකරණය, සේවා බාහිරින් ලබා ගැනීම ආදී ක්ෂේත්‍ර තුළ ගාමක බලවේගය බවට පත් වෙමින් හැටන් නැෂනල් බැංකුවේ ආයතනික සංස්කෘතිය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division