Home » HNB ඇෂුවරන්ස් ඉන්දියානු වාණිජ මණ්ඩලයේ ඇගයුම් ලබයි

HNB ඇෂුවරන්ස් ඉන්දියානු වාණිජ මණ්ඩලයේ ඇගයුම් ලබයි

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

2023 වසර වෙනුවෙන් ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 04 වැනි ආසියානු රක්ෂණ සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගමට හිමි සම්මානය අඛණ්ඩව දෙවැනි වරටත් දිනා ගැනීමට HNB ඇෂුවරන්ස් PLC සමාගම සමත් වූයේය.

HNB ඇෂුවරන්ස් PLC සමාගමේ සභාපතිනිය රෝස් කුරේ මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම සම්මානය පසුගිය වසර පුරා HNB ‘A‘ කණ්ඩායමේ අද්විතීය කාර්යභාර්ය හා අසමසම ජීවිත රක්ෂණ සේවාවක් සැපයීම වෙනුවෙන් සමාගමේ අඛණ්ඩ කැපවීම පිළිබඳ හොඳම උදාහරණයක් බවය. 2024 වසරේ මෙරට රක්ෂණ ක්ෂේත්‍රය වෙත නව ප්‍රමීතීන් හඳුන්වා දීමට තම කණ්ඩායමට හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

HNB ඇෂුවරන්ස් PLC සමාගම ශාඛා 64ක ජාලයකින් සමන්විත ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගමකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division