Home » සිරි රණසිංහ රූපාවලෝකනය 9දා ජ’පුර සරසවියේදී

සිරි රණසිංහ රූපාවලෝකනය 9දා ජ’පුර සරසවියේදී

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ලංකාදීප හිටපු ප්‍රධාන කර්තෘ ප්‍රවීණ පුවත්පත් කලාවේදි සිරි රණසිංහ ගේ ජීවන චරිතය ඇසුරින් නිපදවූ ‘සිරි රණසිංහ රූපාවලෝකන’ වාර්තා චිත්‍රපටය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සනාතන සභා මණ්ඩපයේ දී 9 වැනිදා අඟහරුවාදා පස්වරු 5.00ට එළිදැක්වේ. මෙය ක්‍රිෂාන්ත දයානන්ද අධ්‍යක්ෂණයක් වන අතර නිලාන් ද සිල්වාගේ නිෂ්පාදනයකි.

වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස වසර පනහකට අධික කාලයක් කටයුතු කළ සිරි රණසිංහ ඉන් වසර 33ක්ම විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශනයක් වන දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරය හොබවා ඇත. ඊට අමතරව ඔහු සිරිකත කාන්තා පුවත්පතේ මෙන්ම ඉරිදා ලංකාදීප පුවත්පතේ ද කර්තෘවරයා ලෙස කලක් කටයුතු කළේය.

විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂවරයකු ද වන රණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයකු ලෙස කලක් කටයුතු කළ අතර දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division