Home » නිසි බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි

නිසි බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ඍජු බදු ප්‍රතිශතය වැඩි කිරීම සඳහා තෑගි බද්ද, ඉඩම් බද්ද සහ තවත් එක් බද්දක් යෝජනා කර තිබුණු බවත් මෙරට බදු එකතු කිරීමේ යන්ත්‍රණය ශක්තිමත් කිරීමට රජය කටයුතු කර නොමැති බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.

ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ රේගුව වැනි ආයතනවල කෝටි ගණනක් නිලධාරීන් ගේ සාක්කුවට මුදල් යන බවත් එය නැවැත්වීමට පවා රජය කිසිදු පිළියමක් යොදා නොමැති බවද ඔහු කීය.

‘අපි බලයට ආවාම IMF අනුගමනය කරනවා නමුත් ඒ ක්‍රමවේදයන් අනුගමනය කිරීම ප්‍රායෝගිකව කරන්නේ. වැට් බද්ධ වැඩි කිරීම සමානුපාතික විය යුතුයි. ආදායම අඩු හා ඉහළ ආදායම් ඇති අයයි ගෙවන බදු එක් ප්‍රමාණයක් වෙන්න බැහැ . එය වෙනස් කරන්න අවශ්‍යයි. අඩු ආදායම්ලාභීන් රට බංකොලොත් කළේ නැහැ. ඒ නිසා ප්‍රතිශත වෙනස් කිරීම සහ බදු එකතු කිරීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි.‘

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division