විදුලි බිල අඩු කිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති බවත් ඒ අනුව පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලිබිල සංශෝධනය කිරිමට රජය කටයුතු කරනු ඇත.
නව ජනන සැලැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට ද සැලසුම් කර තිබේ.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මෙම කරුණු හෙළි කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් 05 වැනිදා සිකුරාදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. “2023 වසරේ දී අප විදුලිබල ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට කටයුතු කළා. පැවති විදුලිබල පනතේ අඩුපාඩු සකස් කර පාරිභෝගිකයන්හට ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සේවාවක් ලබාදීමට හැකිවන ආකාරයේ නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. පාරිභෝගික ආරක්ෂාව සහ නියාමනයට අදාළ කරුණු නව පනතට ඇතුළත් කරමින් තිබෙනවා.
ඒ වගේම විදුලිබල උත්පාදනයේදී පුනර්ජනනීය බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් ලබාගැනීම සඳහා මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ අනුව 70%ක විදුලිබලයක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කිරීමට ඉලක්ක කරමින් ජනන සැලැස්ම සකසා තිබෙනවා. එම සැලැස්මට අනුව 2024 වසරේදී අප මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට කටයුතු කරනවා.
ඒ වගේම සූර්ය පැනල ඉදිකිරීම අප අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. මෙගා වොට් 10ට අඩු ව්‍යාපෘති සඳහා කඩිනම් සැලැසුමක් ක්‍රි යාත්මක කිරීමට රජය අපේක්ෂා කරනවා. මන්නාරම, පුනරීන් සහ හම්බන්තොට ප්‍රදේශ සඳහා විශාල ව්‍යාපෘති රැසක් ජනන සැලැස්මට එක් කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලයට මේ වන විට අලුතින් සේවකයන් බඳවා ගැනීම නවතා තිබෙනවා. ඒ වගේම සේවක දිරි දීමනා සහ උසස්වීම් කාර්ය සාධනයට අනුව සිදු කිරීමට නියමිතයි. විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක ද එලෙසම ක්‍රියාත්මකයි.“
ටානියා මෝසස්