Home » උසස් පෙළ ගැටලු ඇත්නම් 117 අමතන්න

උසස් පෙළ ගැටලු ඇත්නම් 117 අමතන්න

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ජනවාරි 04 වැනිදා ඇරඹුණු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂිත විභාග මධ්‍යස්ථාන දෙකක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන දෙකක් අලුතින් ආරම්භ කළ බවත්, කිසිදු අපේක්ෂකයකුට බාධාවක් නොවන පරිදි ඉදිරියටත් විභාග කටයුතු පවත්වාෙගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට ඉකුත් සිකුරාදා කීවේය.

ඒ අනුව ගල්කිරියාගම ආසන්නයේ පාලමක් කැඩීයාම නිසා විභාගයට පෙනි සිටීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් ගල්කිරියාගම පාසලක විශේෂිත විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර, එහි අපේක්ෂකයින් 37 දෙනෙක් විභාගයට පෙනී සිට ඇත.

මීට අමතරව මනම්පිටිය සිංහල පාසලේ ද විශේෂිත විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති අතර, එහි සිසුන් 129 දෙනෙක් විභාගයට පෙනී සිට ඇත.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සිළුමිණට වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුව ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බවත්, යම් ගැටලුවක් ඇතිනම් 117 හදිසි ආපදා කළමනාකරණ ඇමතුම් අංකය හරහා ඒ බව දැනුම් දෙන ලෙසත්ය.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division