Home » වියදම් දැරිය හැකි ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

වියදම් දැරිය හැකි ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ලොව පුරා මෙම වියදම් දැරිය හැකි ගමනාන්ත 13 අතරට ශ්‍රී ලංකාව එක්ව තිබේ. ඒ ෆොක්ස් නිවුස් විසින් 2024 ජනවාරි 4 වැනි දින නිකුත් කරන ලද වාර්තාවට අනුවය. මෙම ගමන්නාන්ත අතරට තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, ග්‍රීසිය, ඊජිප්තුව වැනි රටවල් ද මිල අඩු නිවාඩු ගමනාන්ත අතරට එක්වී ඇත.

නිවාඩු ගත කිරීම, ගුවන් ගමන් ගාස්තු, සුඛෝපභෝගී හෝටල්, විසිතුරු රාත්‍රී භෝජන සංග්‍රහ සහ මිල අධික විනෝද චාරිකා වැනි වියදම් මෙන්ම දර්ශනීය පරිසරය, විශ්මයජනක අලි ඇතුන් වැනි කරුණු ද ශ්‍රී ලංකාව කෙරෙහි බලපා ඇති සුවිශේෂි කරුණු අතරට එක්වේ.

එසේම මෙම ස්ථාන සියල්ලෙහිම මිල අඩු හෝටල් ගාස්තු ඇති අතර, මෙම වාර්තාවට සම්බන්ධ කර ඇත. මේ වාර්තාවේ සඳහන් වන්නේ අමෙරිකානු ඩොලර් 20 සිට 40 දක්වා ලංකාවේ නවාතැන් සඳහා වැය වෙතැයි අපේක්ෂා කළ හැකි අතර, සාමාන්‍ය ආහාර වේලක මිල අමෙරිකානු ඩොලර් 5 ක් පමණ වන බවය.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division