Home » වැඩි මිලට සහල් දුන්නොත් නීතිය තදින්ම

වැඩි මිලට සහල් දුන්නොත් නීතිය තදින්ම

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment
වජිර ලියනගේ

සහල් වැඩි මිලට විකුණන ස්ථාන සොයා පුළුල් වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සහල් පිළිබඳ උපරිම සිල්ලර මිල නියම කරමින් වූ ගැසට් නිවේදනයට පරිබාහිරව යමින් සහල් අලෙවි කිරිමේ යෙදෙන බවට වූ පැමිණිලි මත දිවයින පුරා මෙම වැටලීම් සිදු කෙරෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ සහල් වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් හා ස්ථාන සම්බන්ධයෙන් මහජනතාවට 1977 දුරකතන අංකයට පැමිණිලි කළ හැකි බවයි. නව වසරේ සහල් වැඩි මිලට විකුණන තැන් සොයා පුළුල් වැටලීම් දිවයින පුරා තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division