Home » විශ්‍රාම වැටුප ආදායම් බද්දෙන් නිදහස්

විශ්‍රාම වැටුප ආදායම් බද්දෙන් නිදහස්

විශ්‍රාමිකයනුත් TIN අංකයක් ලබාගත යුතුයි

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ලක්ෂ 7ක් ඉක්මවන මෙරට විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුපෙන් ආදායම් බදු හෝ උපයන විට ගෙවීම් බදු හෝ අය නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සිළුමිණට කීය. ඒ අනුව 7,‍05,000කට ආසන්න විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුප ඉදිරියටත් ආදායම් බද්දෙන් හා උපයනවිට ගෙවීම් බද්දෙන් නිදහස් වන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ කේ. ජී. ආර්. ජයනාත්ගෙන් සිළුමිණ කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මෙරට විශ්‍රාම වැටුප්ලාභීන් 7‍0,5000කට ආසන්න පිරිසක් සිටින බවත්, එයින් 55%-60%ක ප්‍රමාණයක් පුරුෂයන් බවත්, 40%-45%ක ප්‍රමාණයක් ස්ත්‍රීන් බවත්ය. කෙසේ වෙතත් අවුරුදු 18ට වැඩි සියලු දෙනා ආදායම් බදු සඳහා ලියාපදිංචි වීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව අනිකුත් ගනුදෙනු සඳහා විශ්‍රාමිකයන් ද TIN අංකයක් ලබා ගත යුතු වේ.

රාජ්‍ය වියදම් අනුව රජයේ සමස්ත මුළු බදු ආදායමෙන් 72%ක් වෙන් වන්නේ රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහාය. 2022 වසරේ රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 1,751ක් වී ඇති අතර රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් සඳහා ඉන් රුපියල් බිලියන 1,265ක් වෙන් වී ඇත. සමෘද්ධි සහනාධාරය සඳහා වෙන්වී ඇති මුදල රුපියල් බිලියන 506කි.

සුභාෂිණී ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division