Home » මේ ග්‍රහ පිහිටීම් ඔබේ කේන්දරේ ඇත්දැයි බලන්න
විවාහයට පෙර

මේ ග්‍රහ පිහිටීම් ඔබේ කේන්දරේ ඇත්දැයි බලන්න

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

අලුත විවාහ දිවියට පත්වන යුවතිපතින් අනිවාර්යයෙන් කියවිය යුතුම ලිපියක්

විවාහ වීමට පෙර මනාලියන් සහ මනාලයන් තෝරා ගැනීමේදී ඔවුනොවුන් සිය කේන්දර දැඩි ලෙස විමර්ශනය කළ යුතුය. විවාහ දිවියට එළැඹෙන දෙදෙනාගෙන් එක් අයකුගේ හෝ චරිතය අවකල් ක්‍රියාවෙන් පලුදු වෙනවා නම් ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය වාසනාවන්ත වීමට කිසිසේත්ම නොහැකිය.

තරුණියක සහ තරුණයකු විවාහ වීමට පෙර දෙදෙනාගේ කේන්දරවල ග්‍රහ පිහිටීම් නිසා ඔහුට හෝ ඇයට හෝ මාරක විපත් ගෙන දෙන ග්‍රහ පිහිටීම් ජන්ම පත්‍රයේ ඇත්දැයි විශේෂයෙන්ම විමසිය යුතුමය.

විවාහ ජීවිතය අවාසනාවන්ත තත්ත්වයක් කරන ග්‍රහ පිහිටීම් බොහෝ ඇත. විවාහ වීමට නියමිත යුවතිය සහ තරුණයා එකිනෙකා තෝරා ගැනීමේදී විවාහයට අසුබ ග්‍රහ පිහිටීම් හැකිතාක් දුරට මඟ හැරෙන ලෙස ග්‍රහ පිහිටීම් ඇති අයම සොයා ගත යුතුය. එය සුවිශේෂි කාරණාවකි.

විවාහයට තෝරා ගනු ලබන යුවතිය හෝ තරුණයාගේ කේන්දරවල පහත සඳහන් ග්‍රහ පිහිටීම් නොමැත්තේ නම් ඒ එකිනෙකා විවාහයට සුදුසුය.

(1) පුරුෂ කේන්දරයේ සෙනසුරු ස්ත්‍රී කේන්දරයෙහි ලග්නයෙහි හෝ රවි සඳු සෙනසුරු හෝ ලග්නාධිපති හෝ සිටින රාශියක සිටීම.

(2) පුරුෂ කේන්දරයෙහි රාහු ස්ත්‍රී කේන්දරයෙහි හෝ රවි සඳු අඟහරු හෝ ලග්නාධිපති හෝ සිටින රාශියක සිටීම.

(3) ස්ත්‍රී කේන්දරයෙහි සෙනසුරු පුරුෂ කේන්දරයෙහි ලග්නයේ හෝ රවි සඳු සිකුරු හෝ ලග්නාධිපති හෝ සිටින රාශියක සිටීම.

(4) ස්ත්‍රී කේන්දරයෙහි රාහු පුරුෂ කේන්දරයෙහි රවි, සඳු, සිකුරු හෝ ලග්නාධිපති හෝ කවර රාශියක සිටීම.

(5) ස්ත්‍රී කේන්දරයෙහි අඟහරු පුරුෂ කේන්දරයෙහි සයවැන්න, අටවැන්න, දොළොස්වැන්න හෝ දෙවැන්න සිටීම.

(6) එක් අයෙකුගේ ලග්නාධිපති අනෙකාගේ ලග්නාධිපතිගේ සතුරු වීම.

සඳු පුද්ගලයකුගේ මනසත් මානසික ක්‍රියාවලියත් පාලනය කරනු ලැබේ. කෙනකුගේ කේන්දරයක සෙනසුරු හෝ රාහු හෝ අනෙක් තැනැත්තාගේ කේන්දරයෙහි සඳු පීඩනයට පත් කරන විට පීඩිත තත්ත්වයේ කේන්දර හිමියාගේ ක්‍රියා නිසා මානසික අසහනයට සහ පසුබෑම්වලට මුහුණ දීමට සිදු වේ.

සිකුරු පුද්ගලයකුගේ ලිංගික ජීවිතය පාලනය කරයි. ස්ත්‍රී කේන්දරයේ සෙනසුරු හෝ රාහු පුරුෂ කේන්දරයෙහි පීඩනයට පත් කරන විට ඇය පුරුෂයාගේ ලිංගික ජීවිතයට නුසුදුසු තැනැත්තියක් වනු ඇත. එසේ නැත්නම් ඇය තම ස්වාමිපුරුෂයාට ආස්වාදය අහිමි කරනු ලැබේ.

එසේම පුරුෂ කේන්දරයෙහි සෙනසුරු හෝ රාහු ස්ත්‍රී කේන්දරයෙහි අඟහරු පීඩනයට පත් කරන විට එම පුරුෂයාට ඇයගේ ලිංගික ජීවිතය එපා වී වෙනත් ස්ත්‍රීන් සමඟ සබඳතා ඇති කරගැනීමට ඉඩ ඇත.

පුරුෂ කේන්දරයක ගුරු ස්ත්‍රී කේන්දරයක අඟහරු දකින විට හෝ එම අඟහරු සිටින රාශියට පැමිණි විට හෝ එම ස්ත්‍රිය පුරුෂයා සමඟ පවත්වන ලිංගික ඇසුරෙන් වින්දනයක් සතුටක් ලබන බව සඳහන් කළ යුතුය.

පස්වැන්න දරුවන් පාලනය කරන බැවින් මෙහිදී දෙදෙනාගේ කේන්දරයෙහි පස්වැන්නාධිපති ග්‍රහ සංයෝග සැලකිල්ලට ගත යුතුය. පස්වැන්න ද, පස්වැන්නාධිපති දරුවනට කාරක ග්‍රහයා වන ගුරු ද පීඩනයට පත්ව හෝ අයහපත් ලෙස පිහිටා සිටී නම් රෝගී දරුවන් සහ දරු වියෝග පෙන්නුම් කෙරේ. එවැනි කේන්දර විවාහය සඳහා තෝරා නොගත යුතුය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සිසිර කුමාරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division