Home » මංගල සීනු ඉක්මනටම හැඬවෙන පාර්වතී ස්වයංවර පූජාව

මංගල සීනු ඉක්මනටම හැඬවෙන පාර්වතී ස්වයංවර පූජාව

by Mahesh Lakehouse
January 6, 2024 12:31 am 0 comment

– විවාහය ඉක්මන් කරන පුද පූජා රැසක් ගැනත් දැනගන්න
– දුර්ගා දේවියගේ පින්තූරය ඉදිරියේ ගායනා කළ යුතු ස්තෝත්‍රය
– පාර්වතී ස්වයංවර ස්තෝත්‍රය සිකුරාදා හැන්දෑවේ ගායනාවෙන් හොඳ ස්වාමියෙක් ලැබේ

තරුණ විය ඉක්මවා යන ඇතැම් කාන්තාවන්ට පැනනඟින ගැටලුව නම් සුදුසු විවාහයකට එළැඹීමට නොහැකි වීමය. රැකියාවක් තිබුණද නැද්ද, උගත් වූවත් නැතත්, ධනයක් තිබුණත් නැතත් සමාජය දෙස විපරම් කර බැලීමේදී අසන්නට දක්නට ලැබෙන්නේ විවාහ ප්‍රමාදය නිසා සාංකාවෙන් පසුවන පිරිසකි. වැඩි ප්‍රතිශතයක් පිරිමින්ට වඩා මේ ගැටලුවට මුහුණ දී සිටින්නේ කාන්තාවන්ය. ඒවාට හේතු සාධක සොයනවාට වඩා විසඳුම් සොයාදීම අගනේය.

පුවත්පත්වල මංගල යෝජනා තීර, මංගල යෝජනා සකසා දෙන පෞද්ගලික ආයතන, සාම්ප්‍රදායික මඟුල් කපුමහතුන්ගේ සේවය මෙහිලා ප්‍රකටය. ඒ අතරට නොයෙක් ශාන්තිකර්ම ද පවතී. ආකර්ෂණය, වාසනාව, කර්ම හේතු, සිතුවිලි විවාහයක් සිද්ධ වීමට බලපායි.

ආකර්ෂණය ගැන කතා කරන විට රූ සපුව, විලාසිතා, බැල්ම, ඇඳුම පැලඳුම් හේතු වේ. ඉන් අදහස් කරනුයේ පිරිමියකුගේ නෙත් ඇද ගැන්මට සමත් තරුණියකගේ බාහිර ස්වරූපයයි. වාසනාව යනු යහපත් හොඳ ස්වාමියකු ලැබීමට තිබෙන පෙර පින්ය. කර්ම හේතුවලින් අදහස් කරනුයේ ද පෙර කරන ලද කුසල් අකුසල්ය. බැල්ම යනු කාන්තාවකගේ බාහිර ග්‍රහණය මෙන්ම අභ්‍යන්තරය කියාපාන්නකි. හැඟීම් හෙවත් භාව ප්‍රකාශනය වැඩියෙන්ම පිළිබිඹු වන්නේ ඇස්වලිනි. මේ කිසිවකින්වත් ආටෝපිත නොවූ අහිංසක පෙනුම ප්‍රසන්න බව ඇති කාන්තාවන් ද ආකර්ෂණීය වේ.  

ලක්ෂ්මී දෙවඟන ගැන කියවෙන වේද කතාවල සඳහන් වන්නේ කාන්තාවක් පිරිමියාගේ ආකර්ෂණයට වරලස පීරීම, මල් ගැවසීම, සුවඳ විලවුන් ගැල්වීම, ගෙලේ කනේ ආභරණ පැලඳීම, දෑතේ වළලු, පයට පාමුදු, ලස්සන වර්ණවත් සාරි හැට්ටවලින් සැරසීම යනාදී කාරණා රැසකි. දුරාතීතයේ කතාන්දරවල එසේ සඳහන් වුවද ලෝකයේ විවිධාකාර ඇඳුම් විලාසිතා, ආභරණ, විලවුන් සුවඳ වර්ග ඇත. මෙහිලා සිරුර භාවයට උචිත පරිදි විය යුතුය. ඉන් අදහස් වන්නේ ගැළපෙන අන්දමයි.

මෙසේ නොයෙක් විලාසිතාවලින් සිරුර සරසා ගත්තද විවාහ ප්‍රමාදය ගැන පසුතැවෙන කාන්තාවෝ බොහෝ වෙති. හොඳ විවාහයක් ගැන දේව සාහිත්‍යයේ සඳහන් වන යුවළ කීපයක් සඳහන් කළ හැකිය.

විෂ්ණු සහ ලක්ෂ්මී, ශිව සහ පාර්වතී, බ්‍රහ්ම සහ සරස්වතී, ක්‍රිෂ්ණා සහ රාධා, රාමා සහ සීතා අමතක කළ නොහැකි චරිතය.
ලක්ෂ්මී පූජා, පාර්වතී පූජා ප්‍රධාන තැනක් ගනී. ලක්ෂ්මී පූජාවන්ට ප්‍රධාන තැනක් දී ඇත්තේ මංගල්‍ය ලක්ෂ්මී නිසාය. පාර්වතී පූජාවන් ද විවාහ ප්‍රමාද වළක්වා හොඳ විවාහයකට කඩිනම් කරවන්නකි. පූර්නිමා නමින් පූජා කර්මයක් ද විවාහ ඉක්මන් කරවීමට පැවැත්වේ. ඊට ප්‍රධාන වන්නේ දුර්ගා මාතාවයි.

සිංහල බෞද්ධ පිළිවෙත්වලට වඩා ලෞකිකත්වයට බරවූ පුරාණ ඉන්දියාවේ පැවති හින්දු ක්‍රමවේද පවතී. හින්දු ශාන්තිකර්මවලින් ස්වයංවර පාර්වතී පූජාව විශේෂ වූවකි.

මේ සඳහා පළමුව ලග්නයට හෝ නැකතකට හෝ ජන්ම අංකයට හෝ ගැළපෙන රුද්‍රාක්ෂයක් ස්තෝත්‍ර කර පැලඳගන්න. ඊශ්වර දෙවිඳුන්ගේ භාර්යාව වන පාර්වතී දේවියගේ ආශීර්වාදය ඊට ලැබේ.

දුර්ගා දේවි ඊශ්වර හෙවත් ශිව දෙවියාගේ බිරියයි. පාර්වතී නමින් සිටින්නේ ද ඇයය. දුර්ගා දේවිය හතුරු බාධක දුරු කර අරමුණු ඉටුකර දෙන්නීය. දුර්ගා දේවියගේ පින්තූරයක් හෝ පිළිමයක් තබා වතාවත් කර අදාළ මන්ත්‍ර වාර ගණනාවක් කීමෙන් ප්‍රසාදය ලැබී විවාහ ඉක්මන් වේ.

කාත්‍යායතී මහා මායේ
මහා යෝගිනී යදීශ්වරී
නන්දගෝපී සුතම් දේවී පතිම් මේ
කුරු තේ නමහා

පාර්වතී ස්වයංවර ස්තෝත්‍රය සිකුරාදා දිනවල හැන්දෑවේ ගායනා කිරීමෙන් අපේක්ෂා කරන හොඳ ස්වාමියකු ලැබේ.

බල්ලර් කයුත්සත්
ප්‍රභාම් කර්තලේ
ලොල් භෲ මල්කුලම්
මාලම් සන්ධ හතීම්
මනෝ හර්ත නූම්
මන්දස්මිත ධොමුඛීම්
මන්දම් මන්ද් මුපේසුශී
බරියුතුම් ශම්භූම් ජගත්මෝහිතීම්
වන්දිත්පදමිශ්තාර්ථදාම්
පාර්වතීම්

ස්වයංවර කලා මන්ත්‍රය
ඕම් හ්‍රීම් යෝගිනී යෝගිනී
යෝගීශ්වරී යෝග භයන්කරී
සකලස්ථ වර්ජන්ග්මස්ස මුඛම්
හෘදයම් මම් අශ්මකර්ශය කර්ශය
ස්වාහා

ඇතැම් ගැහැනු ළමයා හා පිරිමි ළමයා අතර විවාහ යෝජනාවක් සිදුවී විවාහය ප්‍රමාද වන්නේ නම් පහත සඳහන් ස්තෝත්‍රය වරකට 108 බැගින් දින 21ක් ගායනා කළ යුතුය. මේ සඳහා පූජා මණ්ඩපයක් සකසා දුර්ගා රූපයක් හෝ පාර්වතී රූපයක් හෝ තබා එළඟිතෙල් පහන් දල්වා හඳුන් කපුරු දල්වා සුවඳ දී මල්දමක් පලඳා මල් පාදුකාවට ඉසිමින් ස්තෝත්‍රය ගායනා කරන්න.

තවත් ස්තෝත්‍ර රැසක් මේ සඳහා භාවිත කිරීමට හැකි නමුත් මෙහි සඳහන් කිරීමට ඉඩ ප්‍රමාණවත් නොවේ.
පාර්වතී සහස්‍ර නාම ගායනා කරමින් මල් දහයක් පූජා කළ යුතුය. පූජාව ආරම්භයේදීත් අවසානයේදීත් මෙම ස්තෝත්‍රය වාර කීපයක් ගායනා කිරීම ප්‍රයෝජනවත් වේ.

සර්ව මංගල මංගල්යේ
ශිවේ සර්වාර්ථ සාධකේ
සර්ණ්යේ ත්‍රයම්බිකේ ගෞරී
නාරායනී නමොස්තුතේ

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජේ.ඒ.ඩී. පෙරේරා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division