Home » ජයග්‍රහණ ධන ලාභ හිමි කර දෙන සඳු කීර්ති යෝගය

ජයග්‍රහණ ධන ලාභ හිමි කර දෙන සඳු කීර්ති යෝගය

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

‘සඳු කීර්ති යෝගය’ සමඟ බැඳෙන ප්‍රධාන යෝගය කාලසර්ප යෝගයයි. කාලසර්ප යෝගය ලෙස හැඳින්වෙන්න රාහු සහ කේතු ඡායා ග්‍රහයන් හා බැඳුණු යෝගයකි. රාහුට කාල ලෙසත් කේතු සර්ප ලෙසත් හැඳින්වෙයි. මේ නිසා මෙම යෝගය කාලසර්ප යෝගය ලෙස දැක්වෙයි.

රාහු සහ කේතු අතරට ජන්ම පත්‍රයේ සියලු ග්‍රහයන් තැන්පත් වීම මෙම යෝගයයි. රාහු සමඟ හෝ කේතු සමඟ ග්‍රහයන් තැන්පත්ව තිබේ නම් එම ග්‍රහයන් කොතෙක් දුර චලිත වී ඇද්ද යන්න සොයා බැලිය යුතුය. රාහුට හෝ කේතුට වඩා දුර ප්‍රමාණයක් එම ග්‍රහයන් ගමන් කර තිබේ නම් රාහු හා කේතු අතර එම ග්‍රහයන් ඇති බව සැලකෙයි.

උදාහරණයක් ලෙස පසුගිය 2023 ජනවාරි 03 දින සිට ජනවාරි 16 දින දක්වා ග්‍රහ පිහිටීම් විමසා බලමු. රාහු වෘෂභ ලග්නයේ බැවින් වෘෂභ ලග්න ජන්ම පත්‍රය දක්වමි.

2023 ජනවාරි 03 සිට ජනවාරි 16 දින දක්වා ග්‍රහ පිහිටීම මෙහි දැක්වේ.

රාහුගේ සිට කේතු දක්වා ග්‍රහයන් තැන්පත් වී ඇත. 2,3,4,5,6 භාවයන් හිස්ව ඇත.

කාලසර්ප යෝගය උදාවී ඇත. වෘෂභ ලග්නයේ රාහු උච්ඡව තැන්පත්ව ඇත. වෘශ්චික ලග්නයෙහි කේතු උච්ඡව තැන්පත් වී ඇත. වෘශ්චික ලග්නයෙහි කුජ තැන්පත්ව සිටින්නේ 20 23′ ක් ලෙසය. කේතු වෘශ්චික ලග්නයේ 5 22′ ක් ලෙස තැන්පත්වී සිටියි.

එම නිසා රාහු කේතු අතර කුජ ග්‍රහයා තැන්පත් බව පැහැදිලිය.

ජන්ම පත්‍රයේ පුත්‍රස්ථානය සහ අයස්ථානයක් වන 5 සහ 11 භාවයන් අතර කාලසර්ප යෝගය යෙදේ නම් ජන්මියාට මාරක අපල ගෙන දෙන බව පැවසේ.

කාලසර්ප යෝගය පවතින කාලය තුළ රැකියා අහිමි වීම, විවාහය දෙදරා යාම, දේපළ ධනය අහිමි වීම සිදුවන බව පූර්වාචාරීන්ගේ අදහසයි. එහෙත් එසේ නොවන අවස්ථාද යෙදෙයි. මහ දශාව සහ සුබ ග්‍රහ බලපෑම ඊට හේතු වෙයි. සමහර අවස්ථාවල යහපත් ලෙස ජීවිතයේ දියුණුව ජනප්‍රියත්වය ලබා නොසිතූ විපත් ඇති වීමට ද කාලසර්ප යෝගය හේතු වේ. 2023 ජනවාරි 17 දින ග්‍රහ පිහිටීම මෙසේය. ලග්නයේ දෙවන භාවයට රාහු කේතු අතරට සඳු පැමිණ ඇත. මෙම ග්‍රහ පිහිටීම අර්ධ කාලසර්ප යෝගයයි. එසේම උදාවී ඇත්තේ ‘සඳු කීර්ති යෝගය’ යි. 2023 ජනවාරි 27 දින සඳු වෘශ්චික ලග්නයට යන තුරුම ‘සඳු කීර්ති යෝගය’ පවතී. මෙම කාලය තුළ සුවිශේෂ ජයග්‍රහණ හා ධන ලාභ හිමි වන කාලයකි. වෘෂභ ලග්න හිමියාට සමකාලීනව මෙම ජයග්‍රහණ හිමි වූ බවට අත්දැකීම් ද වේ.

ජ්‍යොතිර්වේදී ගාමිණි ජයතිලක බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division