Home » ගණ දෙවි පිහිට ක්ෂණිකව ලැබෙන ගනේෂ් චතුර්ති පූජාව

ගණ දෙවි පිහිට ක්ෂණිකව ලැබෙන ගනේෂ් චතුර්ති පූජාව

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

– ඔබේ නිවසේ පුද පූජා පවත්වන ගණ දෙවි ප්‍රතිමාව වෙනුවෙන්ද මේ බලගතු පූජාව පැවැත්විය හැකියි
– උදෑසන 8 සිට 8. 8 දක්වා රාත්‍රී 8 සිට 8. 8 දක්වා පූජාව පැවැත්වීමෙන් ගණ දෙවි පිහිට උපරිමව ලබා
ගත හැකියි
– ඉන්දියාවේ ගණදෙවි කෝවිල්වල සිදුකරන මහා බලගතු පූජාවක්
– ස්තෝත්‍රය සජ්ඣායනා කිරීමට දිනකට විනාඩි 8ක කාලය වෙන් කරන්න

ගණ දෙවියන්ගේ හාස්කම් පිළිබඳ සත්‍ය අත්දැකීම්වලට අනුව පළවන මෙම ලිපි මාලාවේදී මෙවර ලිපියෙන් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ විශේෂිත වූ අත්දැකීමක් පිළිබඳවය. ඉන්දියානුවන් හින්දු දහම තුළ ශිව විෂ්ණු ප්‍රමුඛ දේව මණ්ඩලයේ ඊළඟට ප්‍රධාන තැන දෙන්නේ ගණ දෙවියන්ටය. ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ ගනේෂ කෝවිලේ ඔවුන් ප්‍රධාන වශයෙන් ගණ දෙවියන් උදෙසා ‘ගනේෂ් චතුර්ති පූජාව’ ඉතා උත්සවාකාරයෙන් පවත්වතී. එහිදී බැතිමතුන් ඉතාම භක්තිපූර්වකව මේ පූජාව පවත්වන අයුරු දක්නට ඇත. එම පූජා ක්‍රමවේද ඉන්දියානුවන් වසර දහස් ගණනක සිට නොකඩවා පවත්වන සුවිශේෂ පූජා ක්‍රමවේදයකි. එම පූජාව විශේෂයෙන් දේවාල ඇතුළත දිනපතා සිදු කළද බැතිමතුන් සමඟ බද්ධව මෙය සිදු කරනු ලබන්නේ අගෝස්තු මාසයේ එසේත් නැතිනම් සැප්තැම්බර් මාසයේය. එම පූජා ක්‍රමවේදය ඉතා සරලව අනුගමනය කරමින් ගණ දෙවියන්ගේ හාස්කම් පිළිබඳව අතිවිශාල සත්‍ය අත්දැකීම් සමූහයක් හොරොව්පතාන, මොරකෑව උන්වහන්සේ වැඩ සිටින ගණ දෙවි දෙවොල තුළදී මම ලබා ඇත්තෙමි. එම අත්දැකීම් ඇත්තෙන්ම විස්මිතය. ප්‍රබලය. සත්‍යය.

ඔබගේ නිවසේ ඔබ වන්දනාමාන කරන කුඩා ප්‍රමාණයේ ගණ දෙවි ප්‍රතිමාවටද ඔබට හැකි තරමින් දිනපතාම පූජා පවත්වා උන්වහන්සේගේ කාරුණික පිහිට ආධාරය ලබාගන්න. දිනකට විනාඩි 8 බැගින් ඉතා කෙටි කාලයක් මේ සඳහා යොදා ගන්න. වාර ගණන නොව විනාඩි ගණන ගණනය කර පහත ස්තෝත්‍රය උන්වහන්සේගේ සිරස දෙස බලා වම් අත උඩ ඔබගේ දකුණත තබා ඉතාම නිසංසල ස්වරූපයෙන් යුතුව කියන්න. ස්තෝත්‍රය කියන්නට පෙර පහන්, සුවඳකූරු ආදිය දල්වා ඒ පිළිවෙත් කරන්න.

ඔබට හැකි නම් උදේ 8 සිට 8.8 දක්වා හෝ රාත්‍රී 8 සිට 8.8 දක්වා කියන්න. අපට සිතෙන පරිදි ඕනම වෙලාවක ඕනම දෙවි කෙනෙකුට පහන් තැබීම වන්දනාමාන කිරීම නොකළ යුතුය. එයින් හීන ප්‍රතිඵල මෙන්ම අකටයුතු ප්‍රතිඵලද ලැබිය හැකිය. එම නිසා දේව වන්දනාව වුද දැන කළ යුතු බව සිහි තබා ගත යුතුය.

ඔබ ඉහත ස්තෝත්‍රය විනාඩි 08 පුරා කියන්න. හැකි නම් උදේ හවස කියන්න. එකම වේලාවක් තෝරාගෙන කියන්න. දිනපතා අඛණ්ඩව කියන්න. එසේ කීමෙන් ඔබ නොසිතූ මාර්ග තුළින් ඔබ නොසිතූ ආකාරයෙන් ඔබගේ දහසක් ප්‍රාර්ථනා අනිවාර්යයෙන්ම ඉටු වනවා සත්තයි.

ස්තෝත්‍රය
ඕම් සත් පුරුෂයා
චක්‍ර තුණ්ඩායදිමහි
තන්තෝ දන්නී ප්‍රවෝදයාත්
ඕං ශ්‍රී කාල ස්වරූපාය විද්මහේ
කාලා කේනායදීමහී
තන්තෝ කාල යෝගා
ෂෝදාස ගණපති ප්‍රවෝදයාත්

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division