Home » බියකරු සිහින නොපෙනෙන බලගතු කෙම් මන්ත්‍රය

බියකරු සිහින නොපෙනෙන බලගතු කෙම් මන්ත්‍රය

අත්දුටු පුරාණ කෙම් ක්‍රම

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

කක්කල් කැස්සට කෙමක් – කතා නොකර කැහිපිත්තන් වැලක් කඩාගෙන රෝගියාගේ ගෙලේ පලඳින්න. සුව වේ.

කටී වාතයට – ලුණුවරණ කොළ, අමුකහ සමඟ කොටා කතා නොකර තුනටියේ බඳින්න. වහා සුව වේ.

නිල ක්‍රම

1. දරුණු හිසරදය – දත් කැක්කුම – උගුරේ වේදනා – කම්මුල් වේදනාවට රූප සටහනෙන් පෙන්වා ඇති නිල දෙක ඇඟිල්ලෙන් තෙරපන්න.

2. සිහි නැති වූ විටදී සිහිමූර්ජා වූ විටදී රූපයේ පෙන්වා ඇති එම නිලයේ නාසයේ අග ඇතුළේ තෙරපන්න. සිහිය ඒවි.

3. හදවතට රුධිරය යෑමේ අපහසුතාවන්ට අතේ මෙකී නිල දෙකම තදින් තෙරපන්න. සහනය ලැබේ. රුධිර නාළ දිගේ යෑමට පහසු වේ.

බ්‍රහ්මන්දරය හෙවත් හිසේ මුදුන මෘදු ලෙස ඇඟිලි තුඩුවලින් තෙරපන්න. (මසාජ්) සම්බාහනය කරන්න. සුව සේ නින්ද යයි. සුව වේ. හිරුවාරදය, අපස්මාරය, ස්නායු රෝග වහා සමනය වේ. බුද්ධි වර්ධනය ඇති වේ.

නීරෝගි වීමට

සෑම දිනකම හරියටම උදේ 6.03ට මැටි බඳුනක ඊට පෙර දිනයේ දමා තිබුණ ඇල් දිය මැටි කෝප්පයක් අතට ගෙන ‘ඕම් සීව ශක්ති නමඃ යන මන්ත්‍රයෙන් 16 වරක් ජප කර පානය කරන්න. නීරෝගි වේ. දින 21කින් ප්‍රතිඵල ලැබේ. දවසේ තමන්ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේ. නීරෝගි වේ. දීර්ඝායු ලබයි.

බියකරු සිහින නොපෙනීමට

සේපාලිකා ගසක ඊසාන පැත්තේ මුල් කෑල්ලක් කතා නොකර ගලවාගෙන රාත්‍රී නිදා ගැනීමට පෙර ‘ඕං ප්‍රාණජීව ශක්ති නමෝ නමඃ යන මන්ත්‍රයෙන් 16 වරක් මතුරාගෙන නිදන කොට්ටය යට තබාගෙන නිදා ගන්න. බියකරු සිහින නොපෙනේ. හොඳ සැපවත් නින්දක් ලැබේ.

දරු සම්පත් හිමි වීමට

කතා නොකර ඊසාන පැත්තට ගිය බැබිල ගසේ මුලක් ගලවාගෙන මී පැණිවලින් ගලේ අඹරා රාත්‍රී නින්දට යන විටදී වම් පයේ මහපටැඟිල්ලේ යට පැත්තේ එම යුෂ ගාගෙන නින්දට යන්න. වාසනාවන්ත දාරක සම්පත් හිමි වේ. කතා නොකර කළ යුතු වේ.

හැරගිය අය ගෙන්වා ගැනීමට

* මන්ත්‍රය :-

ඕං විච් විච් ඒහි
රූප ඒස්වාහඃ

සිතෙන් මකුළු දැලක් මවා ඒ මැද මකුළුවා අසුවන හැටි සිතන්න. තමා හැර ගිය අය නැවත ඒවි. 108 වරක් නොකඩවා මැතිරිය යුතුයි.

හැර ගිය අය ගෙන්වීමට තවත් මන්ත්‍රයක්

* මන්ත්‍රය :-

ඕං හ්‍රීං ක්ෂිං හ්‍රීං මෝහය

තඹ පත්‍රයේ ඇඳ මන්ත්‍රයෙන් 21 වරක් මතුරන්න. හැර ගිය අය නැවත ඒවි. දින 9ක් නොකඩවා කළ යුතුය.

පමා වන විවාහය ඉක්මන් වීමට:-

ඕම් කාම දේවාය විද්මහේ
පුෂ්පතානාය ධීමහී තන්නො
නාග ප්‍රචෝද යාත්

පෙරවරුවේ 21 වතාවක්ද දහවල 21 වතාවක්ද සවස 21 වතාවක් සහ රාත්‍රී 21 වතාවක් ලෙස 84 වාරයක් කියන්න. දින 21ක් අඛණ්ඩව සිදු කරන්න. විවාහ යෝජනා පැමිණේ. පමා වන විවාහය ඉක්මන් වේ.

වැඩ කටයුතු සාර්ථක වීමට :-

මන්ත්‍රය –

ඕං කඩවර පංච කාම කාහිල්
මහා ලෝකේස්වාහඃ

බදාදා උදේ 5.03ට තැඹිලි ගෙඩියක් කතා නොකර කඩවා ඇස්ස කපා අවශ්‍ය කෙනා සිහිකර 108 වර මතුරා ඔහු හමුවන්න. වැඩ කටයුතු සාර්ථක වේ. මුදල් ගැනීමට අපහසු නම් එය සාර්ථක වේ.

අතහැර ගිය සැමියා බිරිය නැවත ගෙන්වා ගැනීමට:-

මන්ත්‍රය:-

ඕං ඕරු කීල වාම්සුලි
සුලි භයිරව කාරා කොරෝ
විපුවාලියා අම්මේ තෙල් දුරුන්දුන්
ඩලඩල ස්වාමියාගේ ඩල

තමා හැර ගිය සැමියා නැවත පැමිණේ. බිරිය නැවත ඒවී. ආදරය සෙනෙහස ඇතිවී පවුලේ දියුණුව ලැබේවි. බලගතු මන්ත්‍රයකි.

මෙහි පළවන කෙම් ක්‍රම මන්ත්‍ර විධි ඔබත් අත්හදා බලන්න. විශේෂයෙන්ම කිව යුත්තේ මෙම යන්ත්‍ර මන්ත්‍ර අත්හදා බැලීමේදී පිරිසිදුව, භක්තිමත්ව සැකයෙන් තොරව පුහු තර්ක නොකර මානසික ශක්තිය මනෝ තරංග විශ්වයට මුදා හැර කළ යුතු වේ. වසර 70 කට ආසන්න කාල පරාසයක් තුළ අත්හදා බලා අතිසාර්ථක ප්‍රතිඵල නිසා සිළුමිණ ඉසිවර සුවහසක් පාඨකයන්ගේ හිත සුව පිණිස තිළිණ කරමු.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division