Home » කාගිල්ස් සිලෝන් පී. එල්. සී. හී දුෂ්නි සහ ගනේසන් අධ්‍යක්ෂ මණ්ඩලයට

කාගිල්ස් සිලෝන් පී. එල්. සී. හී දුෂ්නි සහ ගනේසන් අධ්‍යක්ෂ මණ්ඩලයට

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

කාගිල්ස් සිලෝන් පී. එල්. සී. හී අධ්‍යක්ෂවරු ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන් සහ ගනේසන් අම්පලවානාර් පත් වී ඇත.

ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආර්ථිකවේදිනියක වන ආචාර්ය දුෂ්නි වීරකෝන්, එක්සත් රාජධානියේ බෙල්ෆාස්ට් හි ක්වින්ස් සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ද එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබඳ MA සහ PhD උපාධිවලින් ද පිදුම් ලබා ඇත. මේවන විට ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මධ්‍යම මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකාවක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරියක් වශයෙන් කටයුතු කරන ඇය ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර වෙළෙඳ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානවල උපදේශකවරියක සහ විවිධාකාර ආයතනවල ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙසින් පුළුල් අත්දැකීම් ලබා ඇත.

ආචාර්ය දුෂ්නි වීරකෝන් ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස කාගිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්බන්ධ වෙමින් උපාය මාර්ගික අංශය වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරයි.

ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කාගිල්ස් හා සම්බන්ධ වන ගනේසන් අම්පලවානාර් නෙස්ලේ ලංකා, නෙස්ලේ ඉන්දුනීසියා සහ නෙස්ලේ වියට්නාම් යන සමාගම්වල හිටපු ප්‍රධාන විධායක නිලධාරීයකු ලෙස සිය ජාත්‍යන්තර කළමනාකරණ දැනුමෙන් සමාගමේ FMCG අංශය වැඩිදියුණු කිරීමට නියමිතය. මැලේසියානු ජාතිකයකු වන හෙතෙම මැලේසියාවේ University of Science හී කළමනාකරණ උපාධිධාරියකු, එක්සත් රාජධානියේ, London Business School සහ ස්විට්සර්ලන්තයේ Institute of Management Development අයතනයන්හි පශ්චාත් උපාධි වැඩසටහන්වලටත් සහභාගී වී ඇත්තෙකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division