Home » “විමන්” නිවාස ව්‍යාපෘතියට John Keells Properties සහ DFCC එක් වෙති

“විමන්” නිවාස ව්‍යාපෘතියට John Keells Properties සහ DFCC එක් වෙති

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවාස සහ ව්‍යාපාරික අවකාශ සංවර්ධනය කිරීමේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ගැනුම්කරුවන් වෙත සුවිශේෂී වූ මූල්‍ය පහසුකම් සලසා දීම සඳහා DFCC බැංකුව සමගින් අත්වැල් බැඳගෙන ඇත.

අක්කර 6ක් පුරා පැතිරී ඇති John Keells Properties සමාගම ඉදිකරන ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය මහල් නිවාස 418කින් සමන්විත වේ. මෙම නිවාස ව්‍යාපෘතියෙන් නිවසක් මිලදී ගැනීම සඳහා පාරිභෝගික භවතුන් හට DFCC බැංකුව විසින් අඩු පොලී අනුපාතයක් සහිත, නම්‍යශීලී ණය යෝජනා ක්‍රම සහ ආකර්ෂණීය මූල්‍ය විසඳුම් ලබා දෙනු ඇත.

ජා-ඇළ ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සඳහා ලබා ගත හැකි ණය යෝජනා පැකේජ පිළිබඳ වැඩිදුර තොරතුරු 0706 062 062 අංකය ඔස්සේ John Keells Properties සමාගම ඇමතීමෙන් හෝ www.johnkeellsproperties.com වෙබ් අඩවිය මගින් ලබා ගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division