Home » ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනයේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකයට ජාත්‍යන්තර සම්මානයක්

ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනයේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකයට ජාත්‍යන්තර සම්මානයක්

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් වන ඔරියන්ට් ෆිනෑන්ස්හි විකල්ප මුල්‍ය ව්‍යාපාර ඒකකය (Alternative Finance Business Unit -AFBU) මෑතක දී සිය ගමන් මගේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘South Asia’s Emerging Islamic Finance Entity of the Year’ ජාත්‍යන්තර සම්මානය දිනාගන්නට සමත් විය. දකුණු ආසියාවේ ඉස්ලාමික මුල්‍ය සමුහය (Islamic Finance Forum of South Asia -IFFSA) මඟින් මෙම සම්මානය ලබාදීම සිදු කරන ලද අතර මෙම සම්මානය සමඟින් විශිෂ්ටත්ව ඇගයීමක් ලෙස ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම් ජබීර් ‘South Asia’s Islamic Finance Personality of the Year’ සම්මානයට පාත්‍ර විය.

මුල්‍ය ක්ෂේත්‍රයේ වසර 42ක ස්ථාවරත්වය, ශක්තිය, විශ්වාසනීයත්වය සහ විශේෂඥතාව ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනයේ විශිෂ්ටත්වයේ පදනම වෙයි. නව්‍ය සහ පුළුල් වූ මුල්‍ය නිෂ්පාදන සේවා හඳුන්වා දෙමින් ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සිය සේවා පාරිභෝගික අවශ්‍යතාව කේන්ද්‍ර කොට ගෙන ස්ථාපිත කොට තිබේ. ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලැයිස්තුගත සමාගමක් වන අතර LRA වල BB+ (stable) ශ්‍රේණි ලබා තිබෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division