Home » සණස ලයිෆ් සේවකයන්ට ඉසුහාර රක්ෂණ සැලසුමක්

සණස ලයිෆ් සේවකයන්ට ඉසුහාර රක්ෂණ සැලසුමක්

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සිය නවතම සමූහ රක්ෂණ සැලසුම වන ‘ඉසුහාර’ සමූපකාර අංශයේ සේවක සේවිකාවන් වෙනුවෙන් ඉකුත් දා මහනුවර Royal Kandyan හෝටලයේදී පැවැති උත්සවයේදී සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ පිරිසකගේ සහභාගිත්වයෙන් හඳුන්වා දෙනු ලැබීය.

ඉදිරියේදී ලංකාවේ අනෙකුත් පළාත්වල ද ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම රක්ෂණ සැලසුමට වයස අවුරුදු 18ත් 69ත් අතර සමූපකාර අංශයේ සේවක සේවිකාවෝ සුදුුසුකම් ලබති. ජීවිත රක්ෂණ ප්‍රතිලාභයට අමතරව හදිසි අනතුරක් නිසා ඇති වන සදාකාලික හෝ පූර්ණ අකර්මණ්‍යතාවකට අදාළ ප්‍රතිලාභය, රෝහල් ගත ප්‍රතිලාභය, අසාධ්‍ය රෝග ආවරණ ප්‍රතිලාභය, අවමංගල්‍යාධාර ප්‍රතිලාභය හා ඇස් කණ්ණාඩි ආවරණය ඇතුළු ප්‍රතිලාභ රැසක් මෙම රක්ෂණ සැලසුමට අන්තර්ගත වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division