Home » FACETS ප්‍රදර්ශනය ජනවාරි 06-08 දක්වා

FACETS ප්‍රදර්ශනය ජනවාරි 06-08 දක්වා

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහයෝගිතාවෙන් පැවැත්වෙන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘FACETS’ හි 30 වැනි සංවත්සරයේ උත්කර්ෂවත් සැමරුම ජනවාරි 06 වැනිදා සිට 08 වැනිදා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්වෙයි.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් FACETS ශ්‍රී ලංකා හි සභාපති අල්තාෆ් ඉක්බාල් පවසන්නේ FACETS හී අරමුණ ලොව පුරා සිටින ගැණුම්කරුවන් මෙරටට කැඳවමින් අපේ අතිවිශිෂ්ට මැණික් හා ස්වර්ණාභරණ ඔවුන් සමඟ බෙදා ගැනීම බවයි. මෙවර ප්‍රදර්ශනය මැණික් ප්‍රදර්ශන කුටිය , ප්‍රධාන ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටිය , තිරසාර ප්‍රදර්ශන කුටිය, දුර්ලභ මැණික් නිර්මාණ කුටිය, NGJA SME කුටිය ආදී විශේෂ ප්‍රදර්ශන කුටි රැසකින් සමන්විතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division