Home » යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි ලෙස සෙනත් ජයතිලක පත් වෙයි

යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි ලෙස සෙනත් ජයතිලක පත් වෙයි

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස 2024 ජනවාරි මස 01වැනිදා සිට සෙනත් ජයතිලක පත් කර ඇති බව එම සමාගම නිවේදනය කරයි. සෙනත් ජයතිලක සමාගමේ නායකත්වයේ අනිවාර්ය සාධකයක් වූ අතර, ඔහු මීට පෙර නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී ලෙස ද සේවය කර තිබේ.

එක්සත් රාජධානියේ නොටිංහැම් විශ්වවිද්‍යාලයේ මූල්‍ය, ගිණුම්කරණය සහ කළමනාකරණය පිළිබඳ උපාධිධාරියකු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියකු, එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සහකාර වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයකු සහ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරයකු ද වන හෙතෙම ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය සමග සිය ගමන අරඹා එතැන් සිට ව්‍යාපාර සංවර්ධනය, මෙහෙයුම් කළමනාකරණය, වෙළෙඳ සහ අලෙවි, ආයතනික සැලසුම් ආදී ක්ෂේත්‍ර ගණනාවක් පුරා නායකත්ව මට්ටමේ ප්‍රධාන භූමිකාවල නිරත වී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division