Home » ශ්‍රී ලංකාවේ ප්‍රථම හෝමියෝපති රෝහල ලෙස Phoenix රෝහල විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම හෝමියෝපති රෝහල ලෙස Phoenix රෝහල විවෘත වේ

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

Phoenix හෝමියෝපති පෙෳද්ගලික රෝහල පසුගියදා දේශීය වෛද්‍ය ඇමැති සිසිර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් කඩවතදී විවෘත විය. ලොව පිළිගත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර කරන මෙම Phoenix පෙෳද්ගලික රෝහල ආරම්භ කිරීමේ මූලිකත්වය ගන්නා ලද්දේ හෝමියෝපති වෛද්‍ය පී. එම්. චතුර හතරසිංහ විසිනි.

නවීන පහසුකම්වලින් සමන්විතව අංග සම්පූර්ණ ලෙස ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද ප්‍රථම හෝමියෝපති පෙෳද්ගලික රෝහල ලෙස Phoenix රෝහල හැඳින්විය හැකිය. කඩවත ඇල්දෙණිය පල්ලිය අසල පිහිටා ඇති Phoenix රෝහල වෙත පැමිණෙන රෝගීන්ට හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අදාළ මානසික ප්‍රතිකාර සහ මනෝ වෛද්‍ය උපදේශන සේවා ද ලබා ගත හැකිය. ඕනෑම රෝගී තත්ත්වයක් සඳහා හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිකාර කිරීමට සුදුසුකම් ලත් පළපුරුදු දක්ෂ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයක් Phoenix රෝහල සතුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division