Home » මහජන බැංකුව නව වසරේ වැඩ අරඹයි

මහජන බැංකුව නව වසරේ වැඩ අරඹයි

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

මහජන බැංකු කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දෙමින් 2024 නව වසරේ වැඩ ආරම්භ කිරීම නිමිත්තෙන් ඉකුත් දා මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී විශේෂ උත්සවයක් පැවැත්විය.

මෙහිදි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා කාර්ය මණ්ඩලය ඇමතු අතර එදින සෙත් පිරිත් සඡ්ඡායනයක් ඇතුළුව සර්ව ආගමික වැඩසටහනක් ද පැවැත්විණි. මේ අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, වෘත්තිය සමිති නියෝජිතයින්, ආගමික සංවිධාන හා අනෙකුත් ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයින්, විශ්‍රාමික සේවක ප්‍රජාව හා කාර්ය මණ්ඩලය ද සහභාගි විය. මීට සමගාමිව දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ ශාඛාවලදී ද විශේෂ උත්සව පැවති අතර, එහි කාර්ය මණ්ඩලය ද සේවා ප්‍රතිඥාව ලබා දෙන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division