Home » මත්පැන් මිල ඉහළට 

මත්පැන් මිල ඉහළට 

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

ජනවාරි 01දා සිට මත්පැන් මිල වැඩිවීම සිදු වන්නේ සුරාබදු දෙපාර්තමේන්තවේ මැදිහත් වීමකින් නොවන බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සිළුමිණට ඉකුත් සිකුරාදා ප්‍රකාශ කළේය.

අදාළ මිල වැඩි වීම වැට් බද්ද වැඩි වීමත් සමඟ මත්පැන් නිෂ්පාදන ආයතනවලට සිදුවන වැය බර කළමනාකරණය කර මිල ආවරණය කරගැනීමට ඒ ඒ ආයතන විසින් ගනු ලබන මූල්‍ය තීන්දු මත තීරණය වනු ඇති බව ද සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේය.

“මේ අනුව ආයතනයෙන් ආයතනයට මිල වැඩි කරන ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන්. දැනටමත් මේ නිෂ්පාදනවලට වැට් බදු අයකරමින් තිබෙන්නේ. වැඩිවෙන්නේ සුළු අනුපාතයක් පමණයි.

නමුත් මෙහෙයුම්, අමුද්‍රව්‍ය, බලශක්තිය සඳහා වූ පිරිවැය ඇතුළු සමස්ත වියදම මත නිෂ්පාදනය කෙරෙහි ඇති කරන පීඩනය අනුව අදාළ ආයතන එම මිල වැඩිවීම තීරණය කරනු ඇති. යම් ආකාරයක බදු වැඩි වීමක් සිද්ධ වෙන විට ක්‍රම තුනකින් එය වෙළෙඳපොළට ප්‍රකාශ වෙන්න පුළුවන්. වැඩිවන මුළු මුදල පාරිභෝගිකයා වෙත පැවරීම, දෙවැන්න වැඩිවන මුදල මුළුමනින්ම නිෂ්පාදකයා දරා ගැනීම. තුන්වැන්න වැඩිවන පිරිවැයෙන් කොටසක් පමණක් පාරිභෝගිකයා වෙත ලබා දීමයි.

දැනටමත් වෙළෙඳ පොළේ ප්‍රධානම නිෂ්පාදකයා වන DCSL ආයතනය තමන්ගේ වැඩිම විකිණුම් මත්පැන් කාණ්ඩ වන අතිවිශේෂ අරක්කු මිලි ලීටර 750ක් සඳහා රුපියල් 90ක මිල වැඩිවීමක්, මිලි ලීටර 375ක් සඳහා රුපියල් 50ක සහ මිලි ලීටර 180ක් සඳහා රුපියල් 20ක මිල වැඩිවීමක් ප්‍රකාශ කර තිබෙනවා. “

මෙය වැඩිවන වැට් අනුපාතයට සමගාමීව සිදු කළ මිල වැඩිකිරීමක් බවත් සුරාබදු කොමසාරිස්වරයා පවසයි.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division