Home » යාලට ඇතුළු විය හැක්කේ අනුමත සෆාරි රථ පමණයි

යාලට ඇතුළු විය හැක්කේ අනුමත සෆාරි රථ පමණයි

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment
නාමලි ගමගේ

ජනවාරි 01 වැනිදා සිට යාල වනෝද්‍යානයට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ පුහුණු සහ සහතිකලත් සෆාරි ජීප් රථ රියදුරන්ට පමණක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. සංචාරකයන්ගේ ආරක්ෂාව, සංචාරක කර්මාන්තයේ ගුණාත්මකභාවය මෙන්ම වන සතුන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගෙන මේ තීරණය ගෙන තිබේ.

යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී සංචාරක කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පත් කළ කමිටුව විසින් ලබා දුන් නිර්දේශවලට අනුව මේ තීරණය ගෙන තිබේ. ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද හැඳුනුම්පත ඇතුළු ලියකියවිලි නොමැතිව වනෝද්‍යානයට සෆාරි ජීප් රථ ඇතුළු කිරීමට අවසර නොලැබෙනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division