Home » උසස් අධ්‍යාපන ආයතනවලින් පිළිගත් උපාධියක්

උසස් අධ්‍යාපන ආයතනවලින් පිළිගත් උපාධියක්

by Mahesh Lakehouse
December 30, 2023 12:36 am 0 comment

උසස් අධ්‍යාපන ආයතනවලින් පිළිගත් උපාධියක් ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ප්‍රකාශ කරයි.

ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවත් එම ප්‍රතිසංස්කරණ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 12 වසරේදී පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය සහ තිරසාරීත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් ඉකුත් 29 වැනිදා කොළඹ ගලධාරි හෝටලයේදී සංවිධාන කළ වැඩමුළුවක් අමතමිනි. එසේම මෙම ප්‍රතිසංස්කරණ යටතේ පුර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන් සඳහා වැඩි අවධානයක් ලැබෙන ව්‍යාපෘති සකස් කළ යුතු බවත් දියුණු රටවල මේ සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division