Home » පොහොර සමාගම් දෙකට මිලියන 480ක ලාභයක්

පොහොර සමාගම් දෙකට මිලියන 480ක ලාභයක්

by Mahesh Lakehouse
December 30, 2023 12:38 am 0 comment

රාජ්‍ය පොහොර සමාගම් වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් 2023 වසරේ මුල් මාස 11 තුළ උපයා ඇති ශුද්ධ ලාභය රුපියල් මිලියන 480කි.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම රුපියල් මිලියන 360ක් හා ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 120ක් වශයෙන් ශුද්ධ ලාභයක් ලබා තිබේ. එසේ ආයතනය ශුද්ධ ලාභ උපයා ඇත්තේ වසර 10කට අධික කාලයකට පසුව වීම විශේෂිතය.

එම කාර්යයට දායකත්වය ලබාදුන් සේවකයන් වෙනුවෙන් මාස දෙකක වැටුපට සමාන ලෙස දිරි දීමනාවක් ලබා දීමට කටයුතු කර තිබේ. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 20ක් වෙන් කර ඇත. ඒ සමාගම් දෙකෙහිම සේවකයන් 420ක් වෙනුවෙනි.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division