Home » ඝාතක ‘දොලේ බාස්’ කොටු වෙයි
කහවත්ත ඝාතනයේ සුලමුල හෙළි වේ

ඝාතක ‘දොලේ බාස්’ කොටු වෙයි

සැකකාර දියණිය නිදහස්

by Mahesh Lakehouse
December 30, 2023 12:39 am 0 comment
තුෂාර හෙට්ටිආරච්චි (කහවත්ත වාර්තාකරු)

කහවත්ත වැල්ලඳුර නිවෙසක් තුළ අබිරහස් ලෙස ගෙල කපා මරා දමා තිබූ මවගේ මරණයට සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලඳුර වෙලේවත්ත පදිංචි දොලේ බාස් හෙවත් තලගල ආරච්චිගේ අරුණ සංජීව ජනවාරි මස 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලන්ගොඩ අධිකරණය ඉකුත් 29 වැනිදා සිකුරාදා නියෝග කළේය. කලක් හමුදා සේවයේ යෙදි සිටි සැකකරු 50 හැවිරිදිය.

දෙසැම්බර් 13දා කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ වැල්ලඳුර වෙලේවත්ත නි‍ෙවසක් තුළ ගෙල කපා මරා දමා තිබුණේ ජයසුන්දර මුදියන්සේලාගේ විනීතා ජයසුන්දර නැමැති 71ක් හැවිරිදි කාන්තාවකි. තිදරු මවක් වන ඇය රත්නපුර සණස ව්‍යාපාරයේ හා ප්‍රදේශයේ සමාජ සේවිකාවකි.

මෙම අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ කනිටු දියණිය දෙසැම්බර් 15 දා අත්අඩංගුවට ගෙන ජනවාරි පළමුවැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබිණි. එහෙත් කහවත්ත පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් අනුව බලන්ගොඩ අධිකරණය විසින් එම සැකකාරිය ඉකුත් 29 වන සිකුරාදා නිදොස් කොට නිදහස් කරන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර සහකාර පොලිස් අධිකාරී අජිත් කුමාර පිටිගලගෙගේ උපදෙස් පරිදි කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් කරුණාරත්නගේ මෙහෙයවීමෙන් පොලිස් බුද්ධි තොරතුරු අංශය, අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක ධම්මික උප පොලිස් පරීක්ෂක කරුණාතිලක සහ පොලිස් සැරයන් රුවන් (61989) ඇතුළු කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division