Home » සැලසිනේ සභාපති හරිත් හදිසියේ නික්ම යයි

සැලසිනේ සභාපති හරිත් හදිසියේ නික්ම යයි

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

ප්‍රකට දැන්වීම් නිර්මාණ ශිල්පියකු සහ සැලසිනේ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හරිත් ගුණවර්ධන ඉකුත් 28 වැනිදා බ්‍රහස්පතින්දා උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත විය. තීරු ලිපි රචකයකු ද වන හරිත් ගුණවර්ධන එදින උදෑසන සිය කාර්යාලය වෙත එමින් සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇත.

මියයන විට 57 වැනි පසු වූ හරිත් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර කොළඹ සරසවියේ උපාධිධාරියෙකි.

දිවයින ඉරිදා සංග්‍රහයට ලියූ කිං බානට්, අන්තර්ජාලයේ පළවූ ඇටමැස්සා, ඇඩ්වර්ටයිසින් ලෝකය ඔහු විසින් ලියන ලද තීරු ලිපි පෙළකි. ටී.එන්.එල්. නාලිකාව ඔස්සේ විකාශය වූ ඕල්වේස් බ්‍රේක් ඩවුන් නම් නව ආරක දේශපාලන ප්‍රහසන රූකඩ වැඩසටහන රචනා කරන ලද්දේ ද ඔහු විසිනි.

ෆීනික්ස් දැන්වීම් ආයතනයෙන් දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයට පැමිණි හෙතෙම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උපදේශකයකු ලෙස ද සේවය කර තිබේ.

දේහය පන්නිපිටිය මොරකැටිය, රත්මල්දෙණිය පාර නිවෙසේ තැන්පත් කර තිබූ අතර අවසන් කටයුතු සෙනසුරාදා 30 පස්වරු 5ට ඇරැව්වල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division