Home » ඊ-බුක් 500ක් එක්වර සයිබරයට මුදාහළ පාසල් දරු දැරියෝ

ඊ-බුක් 500ක් එක්වර සයිබරයට මුදාහළ පාසල් දරු දැරියෝ

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment
වැඩිම විුත් පොත් සංඛ්‍යා­වක් රචනා කළ නෙතු­සරි සිසුවිය, මහා­මායා විදු­හ­ල්ප­ති­නිය සමඟ සයි­බර් අව­කා­ශ­යට පොත් මුදා හැරි අයුරු

– වැඩසටහනේ නියමුවා, මීට පෙර පාසල් සිසු සිසුවියන් ලවා පොත් 60,000ක් පමණ ලියා ජනගත කළ මහනුවර මහාමායා විදුහලේ හිටපු පාඨශාලාචාර්ය, සමාජ විද්‍යා දේශක එච්.එම් සෙනෙවිරත්න
– මෙම වි‍්‍ුත් පොත් රචනා කිරීමේ වැඩ සටහන සංවිධානය වූයේ මහනුවර මහාමායා බාලිකා විදුහල ‘දිවිය දිනන විුත් පොතක්’ තේමාව යටතේ පැවැත්වූ 2023 සාහිත්‍ය මාසයට සමඟාමීවය
– මහනුවර මහාමායා විදුහලේ පස්වැනි වසරේ අස්මි නෙතුසරී බණ්ඩාර සිසුවිය වැඩිම විුත් ග්‍රන්ථ සංඛ්‍යාවක් ලියමින් පොත් 13ක් එක්වර සයිබර් අවකාශයට මුදාහැරියාය

බොහෝ දේ ඩිජිටල්කරණය වෙමින් පවතින ලෝකයේ ස්මාර්ට් දුරකතනය ඔස්සේ අන්තර්ජාලය හා බද්ධ වී නොවටිනා දේ ග්‍රහණය කර ගන්නා පාසල් දරුවන් ඩිජිටල්කරණය තුළ අතරමංව තම ජීවිත විනාශ කර ගන්නා අයුරු අපි කොතෙකුත් අසා දැක ඇත්තෙමු. එහෙත් ඔරුවක නැඟී ගඟක් තරණය කරන්නට හබලක් උපයෝගි කර ගන්නා සේ ලෝකය හා බද්ධ වෙමින් අපේ ඉලක්ක කරා ජයග්‍රාහි ලෙස පිය මැනීම සඳහා මේ අපූරු මෙවලම යොදා ගත හැකිය. ඒ සඳහා කදිම උදාහරණයක් පසුගියදා මහනුවර මහාමායා බාලිකාවියෝ රටට ලබා දුන්හ. ඒ, එක­්වර විුත් පොත් (e-books) 500ක් සයිබර් අවකාශයට මුදා හරිමිනි. දිවිය දිනන විුත් පොතක් යන්න තේමා කර ගනිමින් මහනුවර මහාමායා බාලිකා විදුහල මඟින් 2023 සාහිත්‍ය මාසයට සමගාමීව සංවිධාන කරන ලද මෙම විුත් පොත් රචනා කිරීමේ වැඩසටහන සඳහා දිවයිනේ දුෂ්කර පළාත්වල පාසල් සිසු සිසුවියන් මෙන්ම ගුරුභවතුන් ද එක්ව සිටීම විශේෂත්වයකි. පළමු වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් මේ අපූරු කාර්යය සඳහා මුලපුරා තිබුණේ පාසල් සිසු සිසුවියන් ලවා පොත් 60,000 ක පමණ සංඛ්‍යාවක් ලියා ජනගත කර තිබෙන මහනුවර මහාමායා විදුහලේ හිටපු පාඨශාලාචාර්ය, සමාජ විද්‍යා දේශක එච්.එම් සෙනෙවිරත්නගේ මඟපෙන්වීම යටතේය.

නත්තල් දිනට පෙර දින මේ අපූරු මංගල්‍යයට මුලපිරුවේ මහාමායා විදුහල්පතිනි ශශිකලා සේනාධීර ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ වැඩියෙන්ම විුත් පොත් රචනා කළ සිසුවියන් පිරිසක් ඔවුන්ගේ පොත් මුද්‍රණය කර දළදා වහන්සේ ට පූජා කිරීමෙන් අනතුරුවය. සයිබර් අවකාශයට තමන් අතින් රචනා කළ ග්‍රන්ථ මුදා හැරීමත් සමඟ ගත් කතුවරු බවට පත් වූ සිසුවියන් අතර සිටින කුඩාම දියණිය තවමත් තම ජීවන කඩඉමේ හත්වැනි විය පසුකර නොමැත. ඇතැම් පොත්වල පිටකවර චිත්‍ර නිර්මාණ පමණක් නොව පරිගණක අක්ෂර පවා සිදු කර ඇත්තේ දරුවන් විසිනි. මෙයට පෙර ද මහාමායා බාලිකාවියන් පොත් එළිදැක්වීමක් 2017දී සිදු කළේ හිටපු විදුහල්පතිනිය විතානාච්චි විශ්‍රාම ගත් අවස්ථාවේදීය. පන්හිඳෙන් උපහාර ලෙස නම්කර තිබූ එම උත්සවයේ දී පාසල් සිසුවියන් විසින් ලියන ලද ග්‍රන්ථ 150ක් එළිදක්වනු ලැබුවේ මුද්‍රණද්වාරයෙනි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2564 ගතවීම සිහිකර මහාමායා විදුහලේ 89 වැනි සංවත්සරය නිමිත්තෙන් සිසු දරුවන් පොත් 2564 ක් ලියා පළකරනු ලැබුවේ 2021 වසරේදීය.

තමන් ලියූ පොත රැගෙන එදා මහාමායා බාලිකාවේ උත්සව ශාලාවට පැමිණි සිසු දරුවෝ මෙදා පැමිණ තිබුණේ හිස් අතින්ය. පොත් ලියා පළ කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට ඔවුන් මෙවර තෝරාගෙන තිබුණේ විුත් පොත් (e-book) එළිදැක්වීමකි. පොත් නොමැති පොත් එළිදැක්වීමක් වූ එහිදී සයිබර් අවකාශයට පොත් මුදාහැරුණේ මෙවර වැඩිම විුත් පොත් සංඛ්‍යාවක් රචනා කළ අස්මි නෙතුසරී බණ්ඩාර සිසුවිය අතිනි. ඒ සමඟ elibrary.mahamayagirlscollege.lk ඔස්සේ එම සියලු පොත් කියවීමේ අවස්ථාව මෙරට පමණක් නොව විදේශ රටවල පවා වෙසෙන පොත්වලට පෙම් බඳින්නන්ට හිමි විය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි ඇතුළු භාෂා ගණනාවකින් ලියා තිබෙන මේ පොත් ගොන්න වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය පමණක් නොව ජාති, ආගම්, කුල භේද කිසිවක් නොමැති දරුවන්ගේ හදවතේ සුන්දරත්වය පෙන්වන කදිම කැඩපතකි.

මහනුවර මහාමායා විදුහලේ පස්වැනි වසරේ අධ්‍යාපනය ලබන අස්මි නෙතුසරී බණ්ඩාර සිසුවිය වැඩිම විුත් ග්‍රන්ථ සංඛ්‍යාවක් ලියමින් පොත් 13ක් එක්වර සයිබර් අවකාශයට මුදාහරිනු ලැබුවාය. ඇයගේ මව සහ පියා වෛද්‍යවරුන් වන අතර අස්මි සිය අත්දැකීම පිළිබඳ මෙසේ පැවසුවාය.

“මම පුංචි කාලේ ඉඳලා පොත් කියවන්න ආසයි. පාසලට 89ක් වසර සපිරුණු දා මම පොතක් ලියා පළ කළා. ඇත්තටම පොතක් ලියන්න පොත් ගොඩක් කියවන්න ඕන. විුත් පොතක් ලිවීම හරි අපූරු අත්දැකීමක්. මීට කලින් මම විුත් පොත් කිහිපයක් කියවලා තියෙනවා. ඒවායින් ලබාගත් අත්දැකීම් එක්ක තමයි මේ පොත් ලියන්න පෙලඹුණේ. කොවිඩ් කාලේ ගෙදර ඉන්න අතරේ මම මට හිතෙන දැනෙන දේවල් සටහන් කර ගත්තා. පොත් ලිවීමේදී ඒ අත්දැකීම් ගොඩක් ඉවහල් වුණා.”

ග්‍රන්ථ 04ක් ලියමින් ගත් කතුවරියක බවට පත් වූ සෙනුලි රශ්මිතා මෙනන් සිසුවිය තම කෘති පිළිබඳ මෙසේ පැවසුවාය. “මාලිමාවේ අභිරහස කියලා පොතක් ලිවුවා. එකේ තිබුණේ අයියා කෙනෙකුටයි නංගී කෙනෙකුටයි මාලිමාවක් හම්බවෙලා එක එක තැන්වලට යන කතාවක්. All about me කියලා ඉංග්‍රීසි පොතකුත් ලිවුවා. සූර වීර යකා පැංචා කියලා කතාවක් සහ ඔයයි මමයි කියලා කවි පොතකුත් ලිවුවා.”

වරාවැව මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය ලබන චමුදික රන්මාල් අනාගතයේ චිත්‍ර ශිල්පියකු වීමේ සිහින දකින්නෙකි. එම සිහිනය සැබෑ කර ගන්නට සහජ කුසලතාව හැරුණු විට වෙනත් කිසිදු පහසුකමක් නොමැතිව සිටි චමුදිකගේ චිත්‍ර එකතුව පොතක් බවට පත් කරන්නට අත දී තිබුණේ එච්. එම්. සෙනෙවිරත්න ආචාර්යවරයා සහ මල්වතු පාර්ශ්වයේ කුරුණෑගල පළාතේ ප්‍රධාන සංඝනායක, ඇ‍ෙමරිකා එක්සත් ජනපදයේ ෆීනීක්ස් විශ්වවිද්‍යාලයේ හිටපු සහකාර කථිකාචාර්ය, ආචාර්ය කහටවිල ශ්‍රී සීලවිමලාභිධාන නාහිමියන්ය. චිත්‍ර ඇඳීම සඳහා පින්සල්, දියසායම් සොයා ගැනීම පවා අසීරු අවස්ථාවක සිය සිතුවම් ඇතුළත් පොතක් එළිදැක්වීමට හැකිවේ යැයි තමන් කවදාවත් නොසිතූ බව ඔහු පැවසුවේ සතුටු කඳුළු අතරිනි.

පාසල් දරුවන් ගත් කතුවරු බවට පත් කිරීමේ වැඩපිළිවෙළ රටට හඳුන්වා දීමේ පුරෝගාමියා එච්.එම්. සෙනෙවිරත්න ආචාර්යවරයාය. ඔහු මේ වනවිට පාසල් සිසුන් 60,000කගේ පමණ නම් මෙරට ගත් කතුවරුන්ගේ නාම ලේඛනයට එක්කර තිබේ. කටුගස්තොට ශ්‍රී රාහුල විදුහලට වසර 125ක් සපිරීම නිමිත්තෙන් 2015 වසරේදී පාසල් සිසුන්ගේ හා ගුරුභවතුන්ගේ නිර්මාණ ඇතුළත් ග්‍රන්ථ 206 ක් එළිදක්වමින් ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ සිසුවියන් ග්‍රන්ථ 267ක් ජනගත කළේ 2016දීය. පසුව 2018දී මහනුවර මහාමායා බාලිකාවේත් මහනුවර අධ්‍යාපන කලාපයේත් පොත් එළිදැක්වීම් දෙකක් සිදු කළ ඔහු මධ්‍යම පළාතේ සිසු දරුවන් විසින් ලියන ලද පොත් 5,000ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී 2019දී එළිදැක්වූයේ මැදරට ගත්කතු අංකුර අභිෂේක මංගල්‍යය නමිනි. එක්වර එතරම් පොත් ප්‍රමාණයක් පාසල් දරුවන් විසින් ලියා පළ කළ ලොව ප්‍රථම අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්ව තිබේ. මෙම අත්දැකීම රටේම දරුවන්ට ලබා දීමේ අරමුණින් ඔහු ඉදිරිපත් කළ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ අකුරු කරන නිවාඩුවේ රටක් වටින පොතක් යන්න තේමා කර ගනිමිනි. ඒ යටතේ ළමුන් 42,000 ක් ග්‍රන්ථ රචනයේ නිරත වූ අතර ඒවා මුද්‍රණද්වාරයෙන් මෙතෙක් එළිදක්වන්නට නොහැකි වීම පිළිබඳ ඔහු කතා කළේ කනගාටුවෙනි.

“කොවිඩ් සමයේ ගෙවල්වලට වී සිටි දරුවන්ට රටක් වටින පොතක් වැඩසටහන යටතේ පොත් ලියන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් දැනුම් දුන්නේ මගේ යෝජනාවකට අනුවයි. ළමයි හරිම උනන්දුවෙන් පොත් ලියන්න පටන් ගත්තා. දරුවා 42,000ක් ටයිප් සෙටින් කරලා තමන්ගේ නිර්මාණ අධ්‍යාපන අමාත්‍යාංශයට බාර දුන්නා. හොඳම නිර්මාණ 100 ක් තෝරලා සහතිකයක් දුන්නත් ඒ පොත් මුද්‍රණය වුණේ නැහැ. පොතක් ලියනවා කියන්නේ දරුවන්ගේ ජීවිතයට ලොකු වටිනාකමක් ලැබෙන අවස්ථාවක්. කෙනෙකුට පොතක් ලියලා මේ රටේ ජනතාවට එළිදක්වන්න පුළුවන්. නමුත් විුත් පොතක් සයිබර් අවකාශයට මුදාහරිනවා කියන්නේ එක මොහොතකදී මුහුදෙන් එහා සිටින පාඨකයන් ආමන්ත්‍රණය කරන්න ලැබෙන විරල අවස්ථාවක්. මෙදා සැරේ ප්‍රාථමික අංශයේ දරුවන් තමයි වැඩියෙන්ම පොත් ලියලා තියෙන්නේ. කුඩා කාලයේදීම මේ දරුවන් තුළ පොත් කියවන, ලියන පුරුද්දක් ඇති කළොත් ඒක ඔවුන්ගේ අනාගත ජීවිත සාර්ථකත්වයට ස්ථිර ලෙසම හේතුවක් වෙනවා. පුංචි ලේඛිකාවන් පිරිසක් අපිට ජත්‍යන්තර සාහිත්‍ය කෙතේ බිජු විදිහට වපුරන්න අවස්ථාව ලැබීම රටක් විදිහට ලබන විශාල ජයග්‍රහණයක්.“

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජගත් පිටවල මේ සම්බන්ධව දැක්වූයේ මෙවන් අදහසකි.

“කියවීමෙන් මතක ශක්තිය වගේම බුද්ධිය වර්ධනය වෙනවා. පොතක් ලියන්න නම් අපි ගොඩක් පොත් කියවන්න ඕන. ඇත්තටම කියවනවාටත් වඩා ලියනවා කියන එක අමාරු දෙයක්. පොත් කියවීම ඔස්සේ අලුතින් හිතන්න පුද්ගලයකු තුළ පෙලඹවීමක් ඇති වෙනවා. සාර්ථක නිර්මාණයක් කරන්න පසුබිම සකස් වෙන්නේ ඒ ඔස්සේයි. ලෝකයේ විුත් පොත් සඳහා වන වෙළෙඳ පොළ එන්න එන්නම පුළුල් වෙනවා. 2022 දී ඇ‍ෙමරිකානු ඩොලර් බිලියන 19.5ක් වූ එම වෙළෙඳ පොළ 2032 දී බිලියන 32.9ක් දක්වා පුළුල් වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. එවැනි පසුබිමක් තුළ පාසල් දරුවන් මේ ආකාරයෙන් විුත් පොත් සයිබර් අවකාශයට මුදා හැරීම ඉතාමත්ම අගය කළ යුතු එකක්. අපි ලෝකය හා බද්ධ වී ගමන් කළ යුතුයි. එසේ නොවුණොත් අපිට හුදෙකලාවීමට සිදු වෙනවා. අද වන විට ලෝකය වේගයෙන් ඊ බුක් කරා යොමු වෙමින් සිටිනවා. තමන් අත තිබෙන ස්මාර්ට් දුරකතනයකින්, ටැබ් හෝ ලැප්ටොප් එකකින් මේ පොතක් කියවන්න පුළුවන්.”

‘ආ මඟ’ නමින් පොතක් ලියා විුත් ග්‍රන්ථකරණයට පිවිසි මහනුවර මහාමායා බාලිකාවේ විදුහල්පතිනි ශශිකලා සේනාධීර ඒ පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය. ” මේ දවස්වල පොතක් මුද්‍රණය කිරීමට යන විශාල වියදම දරා ගැනීමට අසීරු නිසා අපි මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් විුත් පොතක් ලියන්න තීරණය කළා. හිතුවටත් වඩා ලොකු උනන්දුවක් මේ ගැන දරුවන් තුළ තිබුණා. වෙනත් පාසල්වල දරුවනුත් පොත් රචනා කරමින් මේ වැඩපිළිවෙළට එකතු වුණා. පොත්පත් එක්ක ගැවසෙන දරුවෙක් වැරදි දේකට යොමු වෙන්න තිබෙන ඉඩ ඉතාම අඩුයි. නවීන තාක්ෂණය අත්හැරලා අපිට ඉදිරි ගමනක් නැහැ. මේ තාක්ෂණය වැරදි විදිහට දරුවෝ පාවිච්චි කරනවා කියන එක ගැන ලොකු විවේචනයක් තිබෙනවා. එසේ වුවත් පරිගණකය, ස්මාර්ට් දුරකතනය, අන්තර්ජාලය පුද්ගල හා සමාජ අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමට හැකියි. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ ව්‍යාපෘතිය.”

සයිබර් අවකාශයට එක්වර පොත් 500ක් මුදා හැරීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා සිසු දරුවන් මෙහෙයවීම භාරදූර වගකීමකි. දරුවන්ගේ හැකියාවන් තව තවත් ඔප් නංවා ගන්නට බලධාරින්ගෙන් අතහිත ලැබේ නම් එය විසල් අනාගත ආයෝජනයක් වනු නිසැකය.

අසේල කුරුළුවංශ, ඡායාරූප - නිහාල් ජයවර්ධන මධ්‍යම පළාත් සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division