Home » ‘හෙට සුරකින අපේ ළමයි’ Litro වැඩසටහන නිමාවට

‘හෙට සුරකින අපේ ළමයි’ Litro වැඩසටහන නිමාවට

by sachintha
December 30, 2023 12:09 am 0 comment

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සංවිධාන කළ පාසල් ළමුන් අතර ගෘහස්ථ LP ගෑස් ආරක්ෂිත භාවිතය ප්‍රවර්ධනය කිරීමට දීපව්‍යාප්තව දියත් කළ “හෙට සුරකින අපේ ළමයි” පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන පසුගියදා සාර්ථකව නිමා කරනු ලැබීය.

සිසුන් අතර ආරක්ෂිත LP ගෑස් භාවිතය පිළිබඳ දැනුම්වත්භාවය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනුම්වත් කිරීම ඉලක්ක කරගෙන දියත් කළ මෙම වැඩසටහනට දිවයින පුරා පාසල් 268 ක සිසු සහභාගිත්වය ලැබිණි. මෙම දැනුම්වත් කිරීම අවසානයේ පැවැති අවසන් මහා තරගය අමාත්‍ය ‍ෙශහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඇතුළු රාජ්‍ය නිලධාරින්, ලිට්‍රෝ ආයතනයේ සභාපති මුදිත පීරිස් ඇතුළු කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය, විදුහල්පතිවරු, ගුරුවරු, සිසුන් සහ මවුපියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division