Home » TAGS සම්මාන උලෙළේ දී රන් සම්මානය සිංගර් සමාගමට

TAGS සම්මාන උලෙළේ දී රන් සම්මානය සිංගර් සමාගමට

by sachintha
December 30, 2023 12:08 am 0 comment

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධාන කරන ලද 2023 TAGS සම්මාන උලළේ දී ආයතනික වශයෙන් විශිෂ්ට මූල්‍ය වාර්තාකරණයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් සිදු කරනු ලබන කැපවීම අගයන වෙළෙඳ අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම සමත් විය.

සිංගර් සමූහයට අයත් රෙග්නිස් ලංකා සහ සිංගර් ඉන්ඩස්ට්‍රීස් සිලෝන් යන සමාගම් ද මෙවර TAGS සම්මාන උලෙළේ දී ඇගයීමට ලක් වූ අතර, එහි දී රෙග්නිස් ලංකා සමාගම නිෂ්පාදන අංශයේ රන් සම්මානය සහ සිංගර් ඉන්ඩස්ට්‍රීස් සිලෝන් සමාගම එම කාණ්ඩයේම ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන තුළින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සිංගර් සමූහය ගොඩනංවා ගෙන ඇති ස්ථාවරත්වය පිළිබිඹු කෙරෙන බව ඔවුන් පවසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division