Home » අබාන්ස් වාර්ෂික පාසල් උපකරණ බෙදාදීම මෙවරත්

අබාන්ස් වාර්ෂික පාසල් උපකරණ බෙදාදීම මෙවරත්

by sachintha
December 30, 2023 12:07 am 0 comment

දැයේ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අත්වැලක් වීමට අබාන්ස් ව්‍යාපාර සමූහය විසින් වාර්ෂිකව දියත් කරන පාසැල් උපකරණ බෙදා දීමේ සමාජ සත්කාරක මෙහෙවර 13 වැනි වරටත් පසුගියදා පවත්වන ලදි.

අබාන්ස් ගබඩා අංශයේ සාමාන්‍යාධිකාරී රංජිත් ගජනායක විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවන ලද අතර කොල්ලුපිටිය, අබාන්ස් ප්‍රධාන කාර්යාලයේ දී සහ සීදූව, කඩොල්කැලේ ගබඩා සංකීර්ණයේ දී මෙම වැඩසටහන දියත් කෙරුණි. අබාන්ස් ව්‍යාපාර සමූහයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පෙර පාසල් මට්ටමේ සිට 12 වසර දක්වා අධ්‍යාපන කටයුතුවල නියුතු දරුවන් 1000 කට අධික පිරිසක් උදෙසා පාසල් බෑග්, සපත්තු, කෑම පෙට්ටි, අභ්‍යාස පොත්, ලේඛන භාණ්ඩ ඇතුළු පාසල් වැඩ කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන පරිපූර්ණ භාණ්ඩ කට්ටලයක් බැගින් මෙහිදී ප්‍රදානය විය.

මෙම අවස්ථාවට අබාන්ස් ව්‍යාපාර සමූහයේ අධ්‍යක්‍ෂිකා සරෝෂි ඩුබාෂ් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division