Home » My Dentist ආයතනයට ප්‍රමිතිකරණයේ ඉහළම තත්ත්ව සහතිකයක්

My Dentist ආයතනයට ප්‍රමිතිකරණයේ ඉහළම තත්ත්ව සහතිකයක්

by sachintha
December 30, 2023 12:20 am 0 comment

ශ්‍රී ලංකාවේ දන්ත සෞඛ්‍ය සේවාවේ ප්‍රථම වරට My Dentist ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය දන්ත වෘත්තික ක්ෂේත්‍රය ඉහළම ප්‍රමිතිකරණයට ලක්කරන ISO9001: 2015 තත්ත්ව ප්‍රමිති සහතිකයේ බලපත්‍රලාභියෙක් ලෙස පත් කර තිබේ.

තමන් සෑම විටම විශේෂඥ දන්ත සේවය වඩාත් සැලකිලිමත්ව සහ ප්‍රමිතියකින් යුතුව ඉටු කිරීම හේතුවෙන් මෙම අන්තර්ජාතික ප්‍රමිතියට අනුගත වීම අපහසු කරුණක් නොවුන බවත්, පසුගිය මාස කීපය තුළ මෙම තක්සේරුකරණයට අනුගත වීමේ කටයුත්තෙන් පසු ආයතනයට වටිනා ප්‍රතිලාභයක් හිමි වූ බවත්, එය සඵල කරගැනීමට තම කාර්ය මණ්ඩලයේ සහ සැපයුම්කරුවන්ගෙන් හිමි වූ දායකත්වය අගය කරන බවත් My Dentist ආයතනයේ අධ්‍යක්ෂ අසාන්ත් සෙබස්තියන් ප්‍රකාශ කළේය.

ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් වූ සාරද් ශ්‍රීධරන් ප්‍රකාශ කළේ සිය සේවාව රාජ්‍ය සේවයේ ආකල්ප වාණිජ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව හා මුසු කර තමන්ට අනන්‍ය රටාවක් තුළ My Dentist කටයුතු කළ බවය.

AME හෙල්ත් කෙයා ප්‍රයිවට් ලිමිටඩ්හි පූර්ණ සහාය සහිතව මෙහෙයුම් දියත් කරන My Dentist සායන දාමය නුදුරේදීම සිය සෞඛ්‍ය සේවා මාලදිවයින වෙත ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division