Home » TAGS Awards හිදී DIMO සම්මාන හතරක් හිමි කර ගනී

TAGS Awards හිදී DIMO සම්මාන හතරක් හිමි කර ගනී

by sachintha
December 30, 2023 12:16 am 0 comment

පසුගියදා පැවති TAGS Awards 2023 හිදී සම්මාන හතරකින් පිදුම් ලැබීමට DIMO සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධාන කරන ලද මෙම සම්මාන උලෙළේදී, ආයතනික වාර්තාකරණය වෙනුවෙන් දක්වන කැපවීම උදෙසා DIMO මෙසේ සම්මානයන්ට පාත්‍ර විය.

ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය උදෙසා වූ රන් සම්මානයේ සම-ජයග්‍රහණය දිනාගත් අතර Diversified Holdings – Group Turnover up to 50Bn කාණ්ඩයේද රන් සම්මානය දිනා ගැනීමට DIMO සමත් විය.

තවද ඩිජිටල් යුගයේ ආයතනික වාර්තාකරණය වෙනුවෙන් සමාගමේ නව්‍ය ප්‍රවේශය උදෙසා Digitally Transformative Reporting අංශයේ රිදී සම්මානයේ සම-ජයග්‍රාහකයකු ලෙස DIMO පිදුම් ලැබූ අතර අවසාන වශයෙන්, Sustainability Reporting අංශයේ විශිෂ්ටත්වය උදෙසා දක්වන කැපවීම වෙනුවෙන් ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීමටද සමත් විය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division