Home » සුවිශේෂී වරප්‍රසාද සහිත AIA Exclusive හඳුන්වා දෙයි

සුවිශේෂී වරප්‍රසාද සහිත AIA Exclusive හඳුන්වා දෙයි

by sachintha
December 30, 2023 12:30 am 0 comment

AIA ඉන්ෂුවරන්ස්, සිය සේවාලාභීන් හට මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහාම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද සුවිශේෂී වූ සේවා රැසක් භුක්ති විඳිය හැකි ‘AIA Exclusive’ නවතම සේවාව හඳුන්වා දෙයි.

මෙම සේවා අතර ඔවුන්ගේ රැකවරණ අවශ්‍යතා පිළිබඳ පෞද්ගලික අවධානයක් යොමු කිරීමේ AIA හි විශේෂඥ කණ්ඩායම වෙත පිවිසීමේ ප්‍රමුඛතාව, පාරිභෝගික සබඳතා කළමනාකරුවකුගේ විශේෂිත සේවාව ලබා ගැනීමේ පහසුව, රෝහල්ගත වීමකදී විශේෂිත සහ විශේෂඥ ප්‍රතිකාර ලබීමේ අවස්ථාව ලැබේ. සිය නිවෙසේ සුවපහසුව සිටිමින් ටෙලි මෙඩිසින් සේවාව ලබා ගැනීමේ ප්‍රමුඛතාව මෙන්ම වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ පැකේජයක්ද සහිතය. රෝහල්ගත වීමක දී වාහන රථගාල වෙත ගෙන යාමට රියැදුරන්ගේ සහාය සහ ඔවුන්ගේ සුවපහසුව වෙනුවෙන් තෝරාගත් රෝහල්වලදී විශේෂිත විවේකාගාර ප්‍රවේශයද ලබා දී ඇත. අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ පහසුව සහතික කරමින් සේවාලාභීන්ගේ නිවෙසටම බෙහෙත් බෙදා හැරීමේ පහසුකම ද මේ ඔස්සේ සලසා ඇත.

සිංගප්පූරුවේ Park Hospital හි නේවාසිකව ප්‍රතිකාර ගැනීමක් සිදු වුවහොත්, ඒ් වෙනුවෙන් රෝහල් සේවා සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් ඔවුනගේ සුවතා ගමන්මඟ හා සම්බන්ධව සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ මාසිකව දැනුම්වත් කිරීම්ද ලබා දෙයි. එමෙන්ම ‘AIA Exclusive’ සාමාජික සාමාජිකාවන්හට ඔවුනගේ උපන්දිනය වඩාත් සුවිශේෂී දිනයක් ලෙස සැමරීම වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද උපන්දින රාත්‍රී භෝජන සංග්‍රහ පැකේජයක්ද ලබා දෙනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division