Home » විදේශ රැකියා පැමිණිලි 3,340ක්

විදේශ රැකියා පැමිණිලි 3,340ක්

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් මේ වසර තුළදී පමණක් පුද්ගලයන් හා ආයතන 444කට නඩු පැවරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කටයුතු කර ඇත. ඊට අමතරව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන 59ක් අසාධු නියෝජිත ආයතන ලෙස ලේඛනගත කර තිබේ.

කාර්යාංශය විසින් මෙසේ නඩු පවරා ඇත්තේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ආයතන පවත්වාගෙන යෑම, කාර්යාංශයේ ලියාපදිංචි නොවි සංචාරක වීසා මඟින් කාර්යාංශයේ අනුමැතියකින් තොරව එතෙර රැකියා පිණිස ශ්‍රමිකයන් යොමු කිරීම, රැකියා ලබා දෙන බවට මුදල් වංචා කිරීම ඇතුළු වංචා කිහිපයක් සම්බන්ධයෙනි. ජනවාරි සිට දෙසැම්බර් මාසයේ පළමු සතිය අවසානය දක්වා වූ කාලය තුළ කාර්යාංශයට ලැබුණු පැමිණිලි 3, 340ක් විභාග කර බැලීමෙන් පසුව මෙසේ නඩු පවරා ඇති අතර පැමිණිලි 1,217ක් කාර්යාංශය විසින් විසඳා ඇත. එමෙන්ම වින්දිතයන්ට රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් ලබා දීමටද කටයුතු කර තිබේ.

විදේශ රැකියා සම්බන්ධයෙන් ඉකුත් 2022 වසරේ ලැබී ඇත්තේ පැමිණිලි 1,337ක් වුවද එම සංඛ්‍යාව 250%කටත් අධික ප්‍රතිශතයකින් මේ වසරේ ඉහළ ගොස් ඇත. එනම් එම සංඛ්‍යාව 3,340කි.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division